ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කරගන්නා ලදි. ඔවුන්ට පත්වීම් ලිපි අද(16) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ප්‍රදානය කෙරිණ.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සහ වයඹ මහ අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුද එක්ව සිටියහ.
එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස ඩී.ආර්. ඉන්දු ගුණතිලක, එම්. නිහාල් විජයානන්ද සහ ජී.කේ උපාලි චන්ද්‍රසේන යන මහත්වරුන් පත්කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස කෂත්‍රිය රාජපුත්‍ර වීරසිංහ මහතා සහ මහින්ද බණ්ඩාර බක්මීවැව මහතා පත්කර ඇත.
මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතා පත්කරන ලදි.
දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස වයි.ජී. බන්දුල සරත් කුමාර මහතා පත් කළේය.








( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් හරියට "ගිලෙන නැවට පැනපු මීයෝ"වගෙයි .
මහත්තයෝ, ඔවුන් විතරක් නෙමෙයි අපිත් ගිලෙනවා...
ජනාධිපතිවරයාගේ විගඩන් බලන්න අපිටත් සිදුවුණානේ...
ඡන්දෙන් පස්සේ පොහොට්ටුවෝ ටිකත් ජනාධිපති ලඟට දුවගෙන එනවා ......
විහිළුවල හොඳම එක.
මට කණගාටු මේ රටේ උගත් උසස් රැකියා කරන මිනිසුන් ගැනයි. ඒ මිනිසුන් මොවුන්ගේ පාලනයට නතුවෙනවානේ. ඉතින් ඒ මිනිසුන් රට හැර යනවා වගේම තම දූ දරුවන් පිටරටවල පදිංචියට යැවීම ගැන අනෙක් මිනිසුන් අහිතක් නොසිතිය යුතුය.
අම්බරුවන් තේරීමේ මහා තරගයට අයදුම්පත් කැඳවනු ලැබේ ..පහත සදහන් අවම සුදුසුකම් සපුරා ඇති " අයවලුන් හට ඉල්ලුම් කලහැක. හොරා කෑම, අයථා ගනුදෙනු, හොර සුරා පෙරීම, දූෂණය , පිනටම ජීවත්වීම යන සුදුකම් තිබිය යුතුමය.
මේ රටට එස්.ඩබ්ලව්.ආර්.ඩී.ලා, සිරිමාවොලා, ඩඩ්ලිලා ටී.බී. ඉලන්ගරත්නලා, පිලිප්ලා නැවත උපදින්නේ නැත. එස්.ඩබ්ලව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාණෙනි, මගේ දැකීමට අනුව, ගෞරවය සඳහාම දේශපාලනයට පැමිණසිටි ප්‍රභූ ජනයා අතරට ගම්වල නිකමුන්ටත් පර්ලිමේන්තුවට ඒමට ඔබ පාර කැපීමේ ඛේදවාචකයයි මේ. ප්‍රභූ ජනයාම පාර්ලිමේන්තු ආවානම් සිරිසේනලා අද පරලිමෙන්තුවේ නැත.
මොකද මේ ලංකාවේ බොහොමයක් දේශපාලකයන්ගේ මුහුණු මස් කඩ කාරයින්ගේ මුණවල් වගේ පේන්නේ. මස් කඩ කරන අයට අපහාසයක් වෙනවා නම් සමාවෙන්න.