(සුජිත් හේවාජුලිගේ)
මෙරටින් බිහිවු විශිෂ්ඨ ක්‍රිඩිකාවක වන ශ්‍රියානි කුලවංශ මහත්මියට ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය හැදැරීම සඳහා අවස්ථාව දීමට අධ්‍යාපන ඇමැති අකිල කාරියවසම් මහතා තීරණය කර ඇත.
මේ සඳහා අවස්ථාව ලබා දෙන්නැයි කුලවංශ මහත්මිය ඇමැතිවරයාගේ ඉල්ලීමක් කර තිබිණැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රියානි කුලවංශ මහත්මිය ක්‍රීඩා අංශයෙන් ලංකාවට කරන ලද සේවය අගය කිරීම වස් ඇගේ ඉල්ලීම ඉටු කර දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීට උපදෙස් ලබා දි ඇත.
කෙසේ වෙතත් එහි ඇතැම් නිලධාරීන් ඇයට මේ අවස්ථාව දීම මගහැරීම සඳහා විවිධ කල්ලි කණ්ඩායම් උසි ගන්වමින් කඩාකප්පල්කාරී උත්සාහයක නිරතව සිටින බව දැනගන්ට ඇත.
ශ්‍රියානි කුලවංශ මහත්මිය දැනට රැකියාව කරනුයේද අධ්‍යාපන අමාත්‍යංශයේය.
COMMENTS
අධ්‍යාපන අමාතංශය තරම් කුහක කල්ලි වාදී ගෝත්‍රික මානසිකත්වයෙන් පෙලෙන නිලධරීන් බහුල වෙනත් ආයතනයක් ලංකාවේ නැතිතරම්. මේ මානසිකත්වයෙන් මේ නිලධාරීන් මුදවගන්නේ කවදද ?
හරිම පහසු වැඩක් නේ. එයා ඊළඟ අවුරුද්දේ කණ්ඩායමට එක්කරන්න.
යකාගේ හැටියට තමා විමානේ හදන්නේ.
ඇමතිතුමාට ස්තුතියි. අදාළ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දැක්වූ ඇයට ගෞරව දැක්වීම ජාතික යුතුකමක්.
ඇමැතිතුමාගේ තීරණය හොඳයි. ඇයි ඕකට විරුද්ධ වෙන්නේ...?