(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
අඹගමුව ප්‍රාදේශීය සභාව ලෙස පැවැති බල ප්‍රදේශය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් කොටස් තුනකට කැඩීමෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් ඉන් බෞද්ධයින්ට හිමි තැන නැතිවී ජනවාර්ගික ගැටුම් ඇතිවිය හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්හ.
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පවරා ඇති පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස මැදිහත්වෙමින් ශ්රීත පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්නුහ.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුවන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙලෙස නව පළාත් පාලන ආයතන හේතුවෙන් ප්‍රදේශයේ ඓතිහාසික සංස්කෘතික පදනම විනාශ වන බවත් වාර්ගික පදනම වෙනස් වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු සිංහල බෞද්ධ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය වී ජනතා සංහිදියාව නැතී වී යන බවත් ඒ තුලින් ජනවාර්ගික ගැටුම් නිර්මාණය විය හැකි බවත් පෙන්වා දෙයි.
COMMENTS
ගැටුමක් නැතිව කිසිවක් කරගන්ට බැරි අය ඉන්න රටක් තමයි අපේ මුතු ඇටය.
ඔන්න දැන් සමහරු කොමෙන්ට්ස් දායි බුද්ධාගමට බැනලා හාමුදුරුවරුන් බයිට් එකට අරන්.
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න! ඇයි එකමුතුවෙන් සමගියෙන් ඉන්න බැරි?
අප්පුහාමි නමැති අන්වර්ථ නාමයෙන් පෙනීසිටින මෝඩ පුද්ගලයාට ලියන්න කියන්න දෙයක් නැත්නම්, මේ රටට විනකරන්නේ නැතුව නිදා ගන්න.
මේක සම්පූර්ණ බොරුවක්... මොකද හේතුව දන්නවද? මේ ගොල්ලන් වහලා ගහන්නේ, අඹගමුවට ශ්‍රීපාද කාලයට බොහොම ලොකු අාදායමක් ලැබෙනවා. දැන් එය අහිමිවෙන නිසා මේ අය නිකන් ජනමතයක් හදනවා ශ්‍රීපාදය මොන පැත්තට ගියත් මොකද, හැම ජනකොටසක්ම යනවා මෙතනට, ඔය මහා ලොකු සිංහල බෞද්ධ කියන අයට වඩා දමිල ජනතාව ආගමට, දහමට බොහොම ලැදි ජාතියක්, මෙතනම පේනවා සිංහලයන් මොන තරම් කුහකද කියලා... මේ ගොල්ලො තම සංහිඳියාව නැතිකරන්නේ මේක සිංහලයට අයිති නම් දමිල ජනයා කියාවි අපට මේක එපා කියලා... නමුත් දමිළ ජනයා මේ ගැන හිතලත් නැහැ, කතා කරලාත් නැහැ. මොනවද මේ ජනවාර්ගික ගැටුම් ගැන කතා කරන්නේ? මෙය කියන්නේ ඇතිවිය හැකිය කියා, මේක එයාගේ මතය මිසක් සමස්ත සිංහල ජනතාවගේ මතය නොවන බව කියන්න ඕනෑ... ශ්‍රී පාදය කියන්නේ කිසිම ජාතියකට, කිසිම ආගමකට, හිමිතැනක් නොව මෙය පොදු ස්ථානයක් බවත් හැම ජනකොටසක්ම යන තැනක් බවත් මතක් කරමි.
ජනක මහත්තයෝ: අන්වර්ථ නාම කියන්නේ අර්ථයට අනුව තබන නම් වලටයි. නිදර්ශන: කළු මිටි මිනිහෙකුට `කාලගෝලයා`, ගඳ මිනිහෙකුට `උරුලැවා යනුවෙන් ` යෙදීම. සත්‍ය නම නැතුව පාවිච්චි කරන වෙනත් නාමවලට කියන්නේ ආරුඪ නාම කියලයි.. අප්පුහාමි උන්නැහේ රටට වින කරන බවක් මට නම් පෙනෙන්නේ නැහැ. රටට ඇත්ත වශයෙන්ම වින කරන්නේ අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී මත වල එල්බ ගත් මිනිස්සු!
බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් පැමිණි බව සමහරු විස්වාස කෙරුවත් අයිතිහාසික වශයෙන් ඒ කතාව තහවුරු කරන්න සාධක කිසිවක් නැහැ. උන්වහන්සේ මෙහි පැමිණ ඔය කන්ද වගේ දුෂ්කර තැනක පා සටහනක් තැබුවා කියා මට නම් කොහොමවත් පිළිගන්න බැහැ! සිරිපාදේ තිබුනත් නොතිබුනත් එයින් බුද්ධ ධර්මයට කිසිම මදිකමක් වෙන්නෙත් නැහැ!
මේකේ තියන සමහර කොමෙන්ට්ස් වලින් සමහරුන්ගේ බුද්ධි මට්ටම අනාවරණය වෙනවා. රාමායන කෙප්පය කොහොමද ඉතිහාසයට එකතුවුනේ? ජයදෙවගේ ගීත ගොවින්දය මොකද්ද තියන ඉතිහාස කතාව.? රාමායනය ගැන කතා කරන බොහොම `පණ්ඩිතයෝ ඒ පොත අඩු ගන්නේ දැකපු උන් වත් නොවෙයි! අපේ රටේ බෞද්ධයෝ ඉන්නව නම් ඒ අතලොස්සක් පමණයි. උත්පත්තියෙන් බවුද්ධකම ලැබුන හින්ද වුනත් ධර්මය නොපිළිපදින, ලේබල් බවුද්ධයෝ තමයි, බහුතරය.. ගාථාව කියල මල් පුජ කිරීමෙන්, විභාගෙන් පාස් වෙන්න බෝධි තැබීමෙන්, `බවුද්ධකම` ගැන උජාරුවෙන් කතා කිරීමෙන් ඇති පලක් නැහැ. මේ රට ඊනියා ධර්මද්වීපේ නම්, මෙච්චර අපරාධ, දූෂණ මේකේ තියෙන්නේ කොමද? නිකං බොරු සෝබනේට, `අපි තමයි, බුද්ධාගමේ අයිතිකාරායෝ` කියල උජාරු වෙන්නේ මොන පලකටද? ඇත්ත කතා කරනවට මොකද අකමැති?