සුමතිපාල දියගහගේ
මෙරට රැදී සිටීමට වීසා නොමැති නයිජීරියානු ජාතිකයෙකු ගාල්ල දෙවට ප්‍රදේශයේදී අද (5) ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක පිහිටි සංචාරක නිවසක මොහු නවාතැන් ගෙන සිටින බව පොලිස් පරික්ෂණවලදී හෙලිවි ඇත.මොහු සතුව රුපියල් පනස් හත් දහස් පනහක මුදලක් තිබී ඇතත් එම මුදල් මොහුට ලැබී ඇති අන්දම හෙලි කිරීමට සැකකරු අසමත්වි තිබේ.
මෙරට රැදී සිටිමින් කිසියම් වංචනික ක්‍රමයකින් මෙම විදේශිකයා මුදල් උපයා ඇති බවට පොලිසිය සැකකරන අතර මෙම සැකකරු පිළිබඳ ශ්‍රි ලංකාවේ නයිජීරියානු තානාපති කාර්යාලයටද දැනුම්දී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ රටවල් ගොඩකට නයිජීරියානු ජාතිකයන් ගැන දන්වා තිබුනත් ලංකාවේ මිනිස්සුන්ට එයාල ගැන දන්වා නොතිබීම අපරාධයක්. පිට රටින් එන ඕනෑම හිගන්නෙක් සල්ලි කාරයෙක් හැටියට හිතන ලංකාවේ අයට අප්‍රිකාව ගැන කියල දෙන්න. අප්‍රිකාවේ තියෙන ගොඩක රටවල් දුප්පත්. විශේෂයෙන් නයිජීරියානුවන් ලෝකය පුරා මේ වගේ වංචා කරනවා. එයාල අල්ල ගන්නේ සල්ලි තියෙන ඇමෙරිකානු සහ යුරෝපීය ජාතිකයන්. අන්තර් ජාලය හරහා විශේෂයෙන්ම මුහුණු පොත හරහා වෙනත් රටවල අය සමග සම්බන්ද වන නයිජීරියානුවන් මුදල් වංචා කරන බව ගොඩක් රටවල් වල අය දන්නවා. හෙට දවසේ හිනා මුහුණක් දාගෙන නයිජීරියානු ජාතිකයෙක් ආවොත් ප්‍රවේසම් වෙන්න. එයාල ගොඩක් වංචා කරලා තියෙන බව අමතක නොකරන්න. මුහුණු පොතේ ඉල්ලීමක් අවොත් ඉක්මනින්ම ඉවත් කරන්න. විද්‍යුත් ලිපියකින් විශාල මුදලක් ඔබේ නමට මාරු කිරීමට හෝ දියමන්ති රත්තරන් වගේ වටිනා දෙයක් නයිජීරියාවෙන් ඔබේ නමට එවන්න මුදල් තැන්පත් කරන්න කිව්වොත් වහාම එම ලිපිය ඉවත් කරන්න. පිළිතුරු ලියන්න එපා.
වත්මන් ලෝකයේ බොහෝ අප්‍රිකානුවන් මහා කපටි වැඩ වලට හුරුවෙලා ඉන්නේ.