IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වසා දමා ඇති බොරැල්ලේ කාර්මික අභ්‍යාස ආයතනය යළි විවෘත කිරීමට යයි

(විනීතා එම් ගමගේ)
 
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ දැනට වසා දමා ඇති බොරැල්ල ශාඛාව යළි ආරම්භ කිරීමට වෘත්තිය පුහුණු අමාත්‍යංශ්‍ය පියවර ගෙන ඇත.
 
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ එම ආයතනයේ  ගොඩනැගිලි හා එහි සම්පත් විනාශ මුඛයට යමින් පවතින බව වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ නිලධාරිහු එහි කළ නිරික්ෂණ චාරිකාවක දී දැකිය හැකි වී යැයි වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශාඛාවක් ලෙස 70 දශකයේ ආරම්භ වූ මෙම ආයතනය 2016 වසර දක්වා ක‍්‍රියාත්මක වූ අතර වසරකට සිසුන් අසූවක් පමණ වාහන නඩත්තු පාඨමාලා එහි දී හැදෑරියැයි ද එම නිලධාරියා කීය.
 
 එම සම්පත් යොදා ගනිමින් එකී ආයතනය යළි ආරම්භ කරන ලෙස නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහාතා උපදෙස් දී ඇතැයි කී එම නිලධාරියා 2020 වසර වෙනුවෙන් එහි පාධමාලා ඇරඹීමටත් ත‍්‍රිරෝද රථ අලූත්වැඩියාව, යතුරු පැදි අලූත්වැඩියාව හා වාහන විදුලි පද්ධති නඩත්තුව හා අලූත් වැඩියාව යන පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.
 

බොරැල්ල කොටා පාරේ පර්චස් 70 ක පමණ භූමි භාගයක පිහිටි මෙම ආයතනය ප‍්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයකින් සමන්විත වන අතර එහි අතහැර දැමු යන්ත‍්‍රසූත‍්‍ර රැසක් ද වී යැයි කී එම නිලධාරියා එහි තිබු බොහෝ යන්ත‍්‍ර මොරටුවේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ගෙන ගොස් ඇතැයි ද පැවසීය.

 
 

 



අදහස් (1)

වසා දමා ඇති බොරැල්ලේ කාර්මික අභ්‍යාස ආයතනය යළි විවෘත කිරීමට යයි

Bamunuarachchi Monday, 06 January 2020 04:07 AM

අන්න හරි... හැමවිටම ගුරුපත් වීම දීලා බේරෙනවාට වැඩිය බොහොම හොඳයි කාර්මික පුහුණුව ළමයින්ට දෙන එක. ඊට පසු පුහුණුව ලැබූවන් රජයේ රැකියා සොයන්නේ නැත. රටේ තිබෙන වාහන ප්‍රමාණය අනුව ඔවුන් විසින්ම ස්වයන් රැකියා ආරම්භ කරනු ඇත...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site