IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැස්සෙන් - සුළඟින් මහනුවර නිවාස 30 කට හානි

(සටහන සහ ඡායාරූප - මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
උඩුනුවර ප්‍රදේශයේ වර්ෂාව සමගින්  හමා ගිය දැඩි සුළඟකින් ඊයේ (05) පස්වරුවේ නිවාස 30 කට පමණ හානි සිදුවි ඇති අතර පුද්ගලයන් 120 ක් පමණ අවතැන් වී සිටියි.


මේ අතර නිවාස මතට විශාල ගස් පෙරලීම නිසා කුඩා දරුවෙකු ඇතුලු 3 දෙනෙකු රෝහල් ගත කර ඇති බව උඩුනුවර ප්‍රාදේශිය ලේඛම් නන්දන ගලබොඩ මහතා පවසයි.


දැනට සතියක පටන් මධ්‍යම කඳුකරය දෙසට පවතින  අධික වර්ෂාව සමග දැඩි සුලං තත්වයක්ද හටගෙන ඇති අතර ඊයේ පස්වරු 4.30 ත් 5.00 ත් අතර උඩුනුවර ප්‍රදේශයේ රංගම, ලගමුව, කිරිවවුල වැනි ප්‍රදේශයන් හරහා හමා ගිය දැඩි සුළඟ නිසා නිවාස 5කට පමණ සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී ඇති අතර අනික් නිවාස මතට විශාල ගස් කඩා වැටීම නිසා අර්ධ වශයෙන් හානි සිදුවි ඇති බව ප්‍රදේශිය ලේකම් පවසයි.


ආපදාවන්වලට ලක්වු පිරිස් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර ඇති අතර ඔවුන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිම සදහා කටයුතු යොදා ඇති බවත් නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනිම සදහා රජය මගින් ලබාදෙන ආධාර මුදල් දින 3ක් ඇතුලත තක්සේරු කර ලබාදීමට කටයුතු යොදා ඇති බවද නන්දන ගලබොඩ මහතා පවසයි.


ආපදාවන්වලට ලක්වූවන් සදහා උඩුනුවර ප්‍රාදේශීය සභාව දවුලගල, වෙලම්බඩ, කඩුගන්නාව, ආරක්ෂක හමුදාව හා ප්‍රදේශවාසින් එකතුව සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවද නන්දන ගලබොඩ මහතා පවසයි.



අදහස් (0)

වැස්සෙන් - සුළඟින් මහනුවර නිවාස 30 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site