IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැස්සෙන් බදුල්ලේ පුද්ගලයන් 4670කට පීඩා

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල වර්ෂාවත් සමඟ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇති  බවත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1213ක පුද්ගලයන් 4669ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහාකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා අද (4) පැවසීය.

නායයාමේ අවධානම්  අනතුරුදායක තත්ත්වය හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවුරු 6ක්,හපුතලේ 5ක්,වැලිමඩ 1ක්,ඇල්ල 1ක් වශයෙන් ආරක්ෂිත රැඳවුම් කඳවුරු 13ක් දැනට  පාසල්, පූජනීය ස්ථාන,වතු දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවද හෙතෙම කීය .

ඔවුන් වෙනුවෙන් පිසු ආහාර, අවශ්‍යතා මත වියළි සලාක ආහාර ලබා දෙන බවත්,මෙම කඳවුරු වලට වෛද්‍යවරුන් යවා නිරතුරුවම  ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම්  බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් මත සලසා දී තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ගස් ,පස්කඳු කඩා වැටී ගල් පර්වත පෙරලීමෙන් නිවාස 623ක අර්ධ හානි ද, නිවාස 40කට පූර්ණ හානි සිදු වී පුද්ගලයන් 4ක් තුවාල ලබා  ලුණුගල,හපුතලේ,බණ්ඩාරවෙල ,ප්‍රදේශ වලින් ජීවිතහානි 3ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

වැස්සෙන් බදුල්ලේ පුද්ගලයන් 4670කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site