IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් ගාල්ලේ නිවාස රැසක් යට වෙයි

(ඩී.ජී.සුගතපාල)

අද අලුයම සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත්  පහත් බිම් රැසක් ජලයෙන් යටවිමත් නිසා විශාල පිරිසක් පිඩාවට පත්ව ඇත.
 
ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ මොරගොඩ ඇල පිටාර ගැලිම නිසා  ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති අතර දංගෙදර,පෙට්ටිගලවත්ත,සංගමිත්තපුර,අබ්දුල් වහාබ් මාවත ආදි ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවි ඇති බවය.
 
මේ අතර බද්දේගම,ගෝනාපිනුවල, ඉමදුව ,කරන්දෙණිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල නිවාස 17කට අකුණු සැර වැදිමෙන් හානි සිදුව ඇති බවත්  පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
 
බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස නමයකටද ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනකටද ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනකටද කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස දෙකකටද අකුණු සැර වැදිමෙන් එම නිවෙස්වල තිබු විදුලි භාණ්ඩ රැසකට හා බිත්ති වලට හානිවි  ඇත.
 
අකුණු සැර වැදිම නිසා රෝහල් ගත කර ඇත්තේ ඉමදුව නිවසක සිටි දෙදෙනෙකි.
 
.බද්දේගම,වැලිවිටිය දිවිතුර ,යක්කලමුල්ල, ඉමදුව යන ප්‍රදේශවලද  පහත්බිම් ජලයෙන් යටවි ඇති අතර විශේෂයෙන් ගිංගඟ දෙපස පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දි ඇති බවත් හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව බේරා ගැනිමට සහ සහන සැළසිම සඳහා බෝට්ටු   සහ අඟුල්   ස්ථාපිත කර ඇති බවත් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
 
මේ අතර ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ පිඩාවට පත්වන ජනතාවට සහන සැළසිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

 



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ නිවාස රැසක් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 82 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site