(ඩයනා උදයංගනී)
මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
මහනුවර ලංකාතිලක විහාරය, නේපාලයේ ලුම්බිණිය, ජපානයේ හොරියුජි විහාරස්ථානය, ඉන්දියාවේ සාංචිය, බංග්ලාදේශයේ සෝමපූර් මහා විහාරය ඇතුළු ලොව පුරා සිටින බෞද්ධ ජනයාගේ අපරිමිත වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථාන 20 ක් මෙම මුද්දර මගින් නිරූපනය වේ. එම සියලු ස්ථාන පහත පරිදි වේ.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ගෙවීගිය කාලය තුළ මෙරට නිකුත් කළ සියලු මුද්දර නිරූපිත සුවිශේෂී සැමරුම් ග්‍රන්ථයක්ද හෙට(12) එළිදැක්වීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන මුද්දර. ඒ වගේම මෙතරම් මුද්දර තොගයක් එකවර නිකුත් කල බවක් මා මීට කලින් අසා නැත. අති විශාල ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇති මේ මුද්දර විදේශීය රටවල සිටින මා වැනි අයට මිලදී ගැනීමට ක්‍රමයක් තිබේද ?