( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න, බණ්ඩාර ජයරත්න සහ සමන් විජය බණ්ඩාර )
අරණායක අරම ප‍්‍රදේශයේ ගෙවත්තක පොල් අහුලමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වැසිකිළි වළකට වැටීමෙන් අද (21) උදෑසන මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අරණායක අරම අප්පල්ලාගොඩ ප‍්‍රදේශයේ පදිංචි ජේමිස් රන්කහතැන්න (71) නමැති අය සහ අමිල (32) නමැති අයයි.
71 හැවිරිදි තිදරු පියාට අයත් වත්තේ පොල් මුරය කඩා අවසන් වීමෙන් පසු කඩන ලද පොල් අහුලමින් සිටි 71 හැවිරිදි තිදරු පියා පොල් ගෙඩියක් වැසිකිළි වල අසලට වැටී ඇති අතර ඔහු එම පොල් ගෙඩිය ඇහිදීමට වැසිකිලි වල උඩට ගිය අවස්ථාවේදී වැසිකිලි වලේ කොන්ක‍්‍රීට් තට්ටුව කඩාගෙන වල ඇතුළට වැටී තිබේ.
එම සිද්ධිය දුටු නිවැසියන් ඔහු බේරා ගැනීම සඳහා කෑකෝගසා අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා ඇති අතර ඒ අවස්ථාවේ අසල නිවසේ සිටි 32 හැවිරිදි තරුණයකු පැමිණ වලට වැටි ඇති අය බේරා ගැනීමට උත්සාහ දැරීමේදි ඔහුද වළ තුළට වැටි ඇති බව පොලිසිය පවසයි.
අඩි 15 පමණ වු වල තුළට වැටිමෙන් එහි වු වායුව ආශ්වාස කිරිම නිසා දෙදෙනාම දැඩි අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර පළමුව වලට වැටුණු 71 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇති අතර පසුව අනෙක් පුද්ගලයාද අසාධ්‍ය තත්වයෙන් අරණායක රෝහලට රැගෙන ඒමේදි මිය ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර එස් ලෝන් බට කෑල්ලක් කොන්ක්‍රීට් එකට දමා වැසිකිලි හදන්නේ ඒකනේ.දැන් හදනවනම් රෙදි කෑල්ලකින් ආවරණය කරන්න අමතක නොකරන්න මොකද මදුරුවෝ නොන් ටොප් එනවා