(ඉන්දිකා රාමනායක)
ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වස්කඩුවේ දී සිදු වු අනතුර ලංගම බස් රථයේ රියදුරුගේ දැඩි නොසැලකිල්ල මත සිදු වී ඇතැයි පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඇල්පිටියේ සිට කොළඹ බලා ගමන්ගත් මෙම ලංගම බස් රථය වෙන් වාහනයකට ඉස්සර කිරීමට යාමේ දී ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම අනතුරින් එම රියදුරු ඇතුලූ 6 දෙනෙක්ට දිවි අහිමි වු බවත් තවත් 62 නෙත් තුවාල ලබා ඇති බවද ගුණසේකර මහතා පැවසීය.
මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට අගෝස්තු 02 දින දක්වා සිදු වු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 1629 දෙනෙක් මියගොස් ඇති බව රුවන් ගුණසේකර මහතා කීය.
මෙම මාරක රියඅනතුරු වලින් සියයට 60 ක ප‍්‍රමාණයක් රියදුරන් අපරික්ෂාකාරි ලෙස රථ ධාවනය කිරීමෙන් සිදු වු අනතුරු බවද පොලිසිය රුවන් ගුණසේකර මහතා කීය. රියදුරන් කල්පනාකාරි ලෙස රථ ධාවනය කරන්නේ නම් මෙම සියයට 60 ක අනතුරු ප‍්‍රමාණ්‍ය වලක්වා ගැනීමට හැකි වු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
පගාව නොගෙන දැඩි නීති පෙන්නුවොත් අනතුරු ගොඩක් අඩුවෙයි. දුකයි අහිංසක අපේ අය...
ඔව් ඉතින් බොහෝදුරට අනතුරක් වෙන්නේ කාගේ හෝ වරදකින් බව අපි දන්නවා. රට අනතුරට වැටුනේ අර 62 වරදින් බවත් දන්නවා. ඒ අනතුරෙන් දැනට 260ක් මැරුණා..
ඔබගේ නිරීක්ෂකයින් යොදවා ප්‍රධාන මාර්ගවල වීඩියෝ කැමරා සහිතව දින 5ක් නිරීක්ෂණය කළොත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි... පාරට බැස්සොත් දකින්නෙම නොහික්මුණු රියදුරන්ගේ වැඩකිඩ තමයි. මේ නිසා හරි මිනිහා අමාරුවේ...
පෞද්ගලික බස් හිමියන්ගේ දඩ තවත් වැඩි කරන්න ඕනේ...
මෑතකදී අත්හිටවූ 48 බස් ධාවනයක් මාසිකව ලක්ෂ 10ක් එම මාර්ගයේ පොලිසිවලට අරක්කුවලට පමණක් දුන්නා කියා එහි වැඩ කරපු රියදුරුතුමෙක් කීවාලු. මොකද බලපත් නැතුව තමයි දුවලා තියෙන්නේ. අත්හිටුවේ වියදම වෙඩි නිසා වාරික ගෙවාගන්න බැරි නිසාලු. ඉතින් තවත් මොන කතාද...?
බස් රථයක් නීති විරෝධී විදියට ඉස්සරකරනවා දැක්කත් පොලිසිය නොදැක්කා වගේ ඉන්නවා. ලංගම බස් රියදුරන් දැන් ඉතාම පහත් ආකාරයට තමයි බස් පදවන්නේ. ඉස්සර ලංගම බස් ආරක්ෂාකාරීව තමාගේ ගමන යනවා. දැන් ඒවත් රේස් තමයි යන්නේ... මෙවැනි අනතුරුවලට වක්‍රාකාරවම පොලිසිය වගකිව යුතුයි. බස්වල වැරදි දැකදැකත් පොලිසිය නිහඬව සිටීම තමයි ලොකුම වැරැද්ද...
මම ලෝකයේ අනිත් රටවල් වල රිය පදවා ඇත. ලංකාවේ තරම් නොහික්මුණු රියැදුරන් මා ගිය වෙන කිසිරටක නැත. ප්‍රධාන හේතුව අහංකාරකම.. අනික ගොන්කම. ඔවුන්ගේ හිතේ ඔවුන්ට වඩා කෙරුමෙක් තව පාරේ නැත කියලා. හුඟක් අය වාහන පැදවීම ගැන අවශ්‍ය හික්මීම සහ පාරේ නීතිය ගැන අල්ප මාත්‍රයක්වත් දැනුම නැත...
බස් වලට සීට් බෙල්ට් අනිවාර්ය කලයුතුයි.
මගේ අදහස නම් මේ බසයට ඉස්සර කිරීමට ඉඩ නොදුන් ටිපර් කරුගේ නොහික්මුණු ධාවනය මේ අනතුරට හේතුව වේ මේ පිළිබඳව ඔබගේ අදහස් එවන්න
රිය අනතුරු වළක්වන්න පුළුවන් වෙනම ආරක්ෂක අංශයක් පිහිටුවිය යුතුයි. මේ බස්රථ පදවන රියැදුරන්ට මිනිසුන් ගැන කිසිම කරුණාවක් නැහැ. අනික මේවාට බස් කිව්වට ලොරි චැසිවලට, බොඩි ගහපු යකඩ ගොඩවල්... මේ ලොරි චැසි පදවන රියැදුරන්ට මොන සංයමයක්ද? අපි අහන්නේ අැයි මේ යකඩ ගොඩවල් ගෙන්වන එක නවතන්න බැරි කියලා... ප්‍රවාහනය සේවාවක්... එම සේවාව කවදා නම් හොඳ තත්වයකට ඒවිද? අනික වාද්දුව, තල්පිටිය පාලම ළඟ සිට කළුතර දෙසට පාරපටුයි. ලොරි චැසි බස් කියන රථ සම්පූර්ණ මාර්ග දෙකේම කිසිම ගානක් නැතුව ධාවන කරනවා. අපි වගේ මිනිස්සු හැමදාම මැරෙනවා පාරේ යනකොට. කවුද මේවා බලන්නේ...?
සිද්ධිය දකින්නේ නැතුව කොහොමද ඉබා ගාතේ අදහස් කියන්නේ? ඔන්න දේශපාලුවෙක් එලවපු වාහනයක් නම් අැස්වහගෙන අදහස් කියන්න පුළුවන්.