IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


විෂ වායුවක් ආඝ‍්‍රාණය වී එක්දරු පියා මරුට

(අජිත්ලාල් ශාන්ත උදය සහ  ආරියරත්න මාමුහේවා)

නිවිතිගල, දෑල, ඇල්ලෙදොළ මාර්ගය ආසන්නයේ අඩි හතළිහක් පමණ ගැඹුරැති මැණික් පතලක වතුර මෝටරයේ  සුද්ද කිරීම් කටයුතු කරමින් සිටි එක්දරු පියෙක් විෂ වායුවක් ආඝ‍්‍රාණය වීමෙන්  මියගොස් ඇතැයි නිවිතිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෑල, එරබද්ද පාරේ පදිංචිව සිටි පී.ඒ.ඉෂාන් (27)යන අයයි.

මියගිය තැනැත්තා රැකියාවට කරන්නෙ මැණික් පතල් කැණීමේ කටයුතුය. ඔහු වැඩකළ මැණික් පතලේ ඉල්ලම් සේදීම පතලේ සෙසු සාමාජිකයන් හා එකතුව සිදුකර ඇති බව පොලිසිය කියයි.

ඉල්ලම් සෝදා ඇත්තේ ඒ සඳහා සැකසූ ගැරුම් වළකය. සවස්වන විට ගැරුම් වළේ වතුර අඩුවීම නිසා වතුර මෝටරයක් යොදාගෙන අසල වූ ගැඹුර පතලෙන් ගැරුම් වළට වතුර පුරවා තිබේ.

වතුර මෝටරයේ ෆුට් වෑල්වයේ දෝෂයක් නිසා වතුර ඇදීම නවතී තිබේ. ෆුට් වෑලය පරීක්‍ෂා කිරිමට වළට බැස ඇත්තේ මියගිය තැනැත්තාය. එසේ වළට බසිද්දී ඔහු වළට ඇදවැටී ඇති බව පොලීසිය මෙතෙක් කළ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

ඒ අවස්ථාවේ උඩසිටි අය වහාම වළට වැටුණු තැනැත්තා ගොඩට ගෙන නිවිතිගල වතුපිටිය රෝහලට ගෙනයාමෙන් අනතුරුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇතත් එහිදී ඔහු මියගිය බව නිවිතිගල පොලීසිය කියයි.



අදහස් (1)

විෂ වායුවක් ආඝ‍්‍රාණය වී එක්දරු පියා මරුට

Pathal kamkaruwaa Sunday, 12 August 2018 08:16 AM

මීතේන් (වගුරු) වායුව පරණ වතුර වලවල්වල පිරී පවතින බව බොහෝ දෙනෙක් නොහිතන දෙයක්.. ගිනිගන්නා විෂ සහිත වායුවකි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site