ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ නගරපුරා විරෝධතා පැවැත්වෙයි.
එම විරෝධතා මේ වනවිට වොෂින්ටන් අගනුවරටත් පැතිර ගොස් තිබෙන අතර ධවල මන්දිරය ආසන්නයේද විරෝධතා පැවැත්වෙයි. සියගණනකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් සෙනසුරාදා ධවල මන්දිරය වටකළ අතර විරෝධතා පවත්වමින් ‘‘නැෂනල් මෝල්’’ පෙදෙස වෙත ඇවිද ගියහ. ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුස්මරණ උද්‍යාන, සිහිවටන යනාදී හිටපු ජනාධිපතිවරුන් සහ අතීත විභූතිය සිහි කැන්ඳන ස්මාරක රැසක් ‘‘නැෂනල් මෝල්’’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටා ඇත.
‘‘කළු ජාතිකයන්ගේ ජීවිතවලටත් වටිනාකමක් තියෙනවා (බ්ලැක්ලයිව්ස් මැටර්), මට හුස්ම ගන්න බැහැ, කිසිම සාධාරණත්වයක් නැහැ, සාමය අහිමි වෙලා’’ යනුවෙන් විරෝධතාකරුවෝ සටන් පාඨ කීහ. එම විරෝධතා ඉතා සාමකාමීව පැවැත්විණි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ ද විරෝධතාකරුවෝ විසිර නොගියහ. විරෝධතාකරුවෝ ඔවුන් නැවැත්වීමට යොදා තිබූ බාධක ඉවතට දැමූ අතර කොන්ක්‍රීට් කුට්ටි ද කඩා බැඳ දැමූහ. එක් අවස්ථාවකදී විරෝධතාකරුවෝ කුණු කසළ බඳුනකට ගිනි තැබූහ.
තත්ත්වය පාලනය කිරීමටත් ධවල මන්දිරයේ ආරක්ෂාවටත් ජාතික ආරක්ෂක බළකාය යෙදවීමටත් ඇමෙරිකානු බලධාරීහු සෙනසුරාදා, ඊයේ (30) රාත්‍රියේ පියවර ගත්හ.
අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවයි
anura Monday, 01 June 2020 02:56 AM
ලංකාවේ ඔස්තාර්ලාගේ සංහිදියාවේ ප්‍රතිමූර්තියේ ගොම ගෑවිලා.