ඩයනා උදයංගනී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් හතර වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
විශ්වාසභංගයට විරුද්ධ වීමේ හැකියාවක් තම පක්ෂයට නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය යටතට ගෙන තිබූ මහා භාණ්ඩාගාරය යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් ජනාධිපතිවරයා කර තිඛෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිටින තමන් වැනි අයට ආශීර්වාදයක් යැයිද සඳහන් කළේය.
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමෙන් සම්මුතිවාදී ආණ්ඩුව නැති වන්නේ නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අලූතින් පත්වන අගමැතිවරයා සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ගැන තීන්දුවක් ගත හැකි බව ද සඳහන් කළේය.
එම නව අග්‍රාමාත්‍යවරයා එ.ජා.පයේ, ශ්‍රී.ල.නි.පයේ හෝ රතන හිමියන් හෝ දොස්තර මහත්මයෙකු හෝ ආණ්ඩුව සිටින වෙනත් පක්ෂයක අයෙක් විය හැකි බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.
විශ්වාසභංගය ගෙනෙන්නේ සම්මුතිවාදී රජය කඩන්නට කියමින් දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් පක්ෂ වෙත වැරදි මතයක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය සම්පූර්ණ බොරුවක් බවත්, ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඉවත්වන්නැයි කියමින් සම්මුතිවාදය නැති කරන්නට යන්නේ අගමැතිවරයාගේ කණ්ඩායමේ අය බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසනෙත් පරාදවෙලා එළියට විසිවුණු මෙයාලව ගත්ත එකේ පව තමයි අගමැති ගෙවන්නේ. එජාපෙ ගැන මෙයාට තියෙන අමාරුව මොකක්ද?
මේ පිං ඇමතිට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද?
අගමැති අයින් වුනොත් ආණ්ඩුවේ සේරටම නල්ලතන්නි ගිහින් තමයි ආණ්ඩු කරන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා දෙවතාවක්ම සම්පූර්ණ සහයෝගය දුන්න කට්ටිය, පස්සේ ආණ්ඩුවට හේත්තු වෙලා ඇමතිකම් ලබාගෙන පටන් ගත්ත දවසේ ඉඳලා කකුලෙන් ඇද්ද එකනේ කලේ. ඉතින් ඒගොල්ලෝ කොතැනද ඉන්නේ, මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක රටේ බොහෝදෙනා දන්නා කරුණකි. හොරු අල්ලන්න පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුවට මෙතෙක් අල්ලන්න පුළුවන් උනේ මහබැංකුවේ හොරුටික විතරයි. අනිත් හොරු දැන් "කයිවාරු මිස වැඩ නැතිබව" තේරුම්ගෙන ‘ ජනගඟ අපටයි’‘ කියමින් ජන බලය එක්කාසු කිරීමේ වැඩ පිළිවෙල සාර්ථකව කරගෙන යති. මේ අතර ජනපති සහ අගමැති අතර විරසකයක් මවාපෑමෙන් එම කණ්ඩායමට වාසියක් ලබාදීමට සමහර ජනමාධ්‍ය සහ ආණ්ඩුවේම ඉන්නා කණ්ඩායම්ද උත්සාහ කරති. සමහර මාධ්‍ය අයිති කරුවන් එජාප ඇමති වරුන්ට අත දිගහැර පඬුරු පාක්කුඩම් ලබාදී පක්ෂයේ කණ්ඩායමක් අගමැතිට විරුද්ධව ඡන්දය දෙනබවට ප්‍රකාශ පටිගත කරගෙන ඒවා උදේ සවස ප්‍රචාරය කරති. පත්තර වල ප්‍රසිද්ධ කරති. අගමැති මේ සියල්ල දෙස බලාසිටින්නේ කිසිදෙයක් නොදන්නා පරිද්දෙනි. ලංකාවේ දේශපාලනය හිතන්න බැරි තරමට දිනෙන් දෙන අප්‍රසන්න වෙමින් පවතී.
ඔබලාගේ පරාජය නියත නිසා ඔබලා බියවුවත් එක්සත් ජාතික පක්ෂයට මෙය හොඳ ආරම්භයකි. මෙය නිදාගෙන සිටි අලියා නියම වෙලාවට නැගිටවීමකි. ඔබලා මේ කල උදව්වට ප්‍රති උපකාර මීළඟ මැතිවරණයේදී අත්විඳීමට සුදානම් වන්න. අඩු ඡන්ද ගත ඔබගේ ජනාතිපති නියම වශයෙන් ගෙදර යැවිය යුත්තේ. ඡන්ද ලක්ෂ 36 ක් ගත් පක්ෂය වෙනදා මෙන්ම ශක්තිමත්....
ඊට කලින් පින් ඇමැතිවරු අස්වෙන්න ඕනේ...
රනිල් වික්‍රමසිංහ කියන්නේ පුදුම ඉවසීමක් හා අධිෂ්ඨානයක් තියෙන කෙනෙක්. එතුමා නිර්භයව එයට මුහුණ දෙනවා. ප්‍රතිපත්තියක් නැති මිනිස්සු ඒකට බය වෙලා වගේ පේනවා.
සූකර යුද්ධය කියන්නේ මේවට තමයි.
මේ පින් ඇමතිට ඕවා කියන්න තියෙන අයිතිය කුමක්ද?
දැන් ජනාධිපති ගැන කිසිම පැහැදීමක් නෑ මට. ගොඩක් අයටත් එහෙම ඇති. අගමැති ගැන එහෙම අප්‍රසාදයක් නෑ මට. ගොඩක් අයටත් එහෙම ඇති...
පින්හාමිල රොත්ත පිටින් ඇදගෙන නාන්න යන්නේ. පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙලා නැති බව අගමැති වරයාගේ ඉවසිමෙන්ම පේනවා. මට පෙන්නේ මේ අවස්ථාවේ අගමැතිවරයාට ගොඩක් දෙනෙකුගේ අනුකම්පාවත් හිමිවෙයි.
මේ කමෙන්ට්ස් දාපු අයට පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන හැඟීමක් නැත්ද, හැබෑවටම?
කොන්ද පනනැති, කෙලෙහි ගුණ දන්නේ නැති අයෙක් බව පේනවා. එජාප ඡන්ද වලින් දිනලා, එජාපෙ එකටම වල කපන බව දැන් හොඳින් පැහැදිලියි. රනිල් නිසා ජනාධිපති වුනු ඔහු රනිල්ට සදා ණයගැතිය.
තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරි වෙලා පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත්තු මේ අයට මෙහෙම පාරම් බාන්න තියන අයිතිය මොකද්ද? ජාතියේ කරුමෙට පහල වෙච්ච අය තමයි!
මේ අය මෙතුවක් කල් රටට කරපු විනාශය බලන්න. බැඳුම්කර මගඩිය වගන්න කොච්චර දැඟලුවද? රණවිරුවන් කීයක් අත්අඩංගුවට ගත්තද? ආර්ථිකය දියුණුවට දැන් මොකද වුනේ? වෝක්ස්වැගන් බොරුව, පොර්ට් සිටි බොරුව, වරාය විකුණා දැමීම, බෞද්ධයාට කරන හිරිහැර... කොච්චර බොරු කළාද විශ්වාස නැතිවීම්.... වෙන්න.
මේ කියන්නේ පිං ඇමති නේද ?
මෙයා කොහොමද එහෙම කියන්නේ? ආසනෙත් පරාද වෙලා කුජීත වෙලා ගිහින්, රනිල්ට පින් සිද්ධ වෙන්න පාර්ලිමේන්තුවට රිංග ගත්තු කෙනෙක්. මේ අය තමයි ඉස්සරහින්ම ඉඳගෙන අනින්න පනින්නේ... පිදුරු දුන්නු රනිල්ට. 04 වෙනිදාට මේ අයගේ පස්ස බිම ඇනෙන හැටි බලමු.
අඩු පාඩු තිබුණත් රනිල් එක්ක එකට තියන්න පුළුවන් එක මිනිහෙක් වත් නෑ පාර්ලිමේන්තුවේ. ඉන්න අනිත් අය බොහෝමයක් හොරු.. චණ්ඩියෝ නැත්නම් පවුලේ අයට තනතුරු දෙන්න බලාගෙන ඉන්න අය... මේවා තේරුම් ගන්න කොට රට ඉවරවෙලා තියෙයි.
ඩිලාන් එජාප එකට වඩා පිටිපස්සට ගියේ එස්.එල්.එෆ්. හින්දා. එ්නිසා මෛත්‍රී එහි සභාපතිකමෙන් ඉවත් වෙන්න ඕනේ. එ්ක ගැන මොකද කියන්නේ? බොරු සිහින දකින්න එපා. පින් ඇමති කම දාලා ගිහින් කතා කරන්න. රනිල්ට තිබුනේ එජාපයෙන් විතරක් රජයක් හදන්න.
රනිල්ගේ රජයේ ඉන්න ශ්‍රී ලංකා මන්ත්‍රීවරු ලැජ්ජාවක් තියනවා නම් 4වෙනිදා රාත්‍රී 9.30ට කලින් රනිල්ගේ අාණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතුයි.
දැන් කව්ද අගමැති කමට සුදුසු ?
ඇයි ඔය ඉන්නේ තවත් 224ක්...