(අංජුල මහික වීරරත්න)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හමුවේ තමන් ස්වාධිනව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (03) පැවසීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග සමඟ තමා මළලසේකර මාවතේ පිහිටි නිල නිවසේදී හමු වු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කී බවද අමාත්‍යවරයා පැවසීය.
ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂදෙකෙහි යෝජනා බාර දෙන ලෙස ඉහත රැස්වීමේදී තමා ඇතුළු කැබිනට් ඇමැතිවරුන්ට කී බවද අද්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද? ඔය ජාතික ආණ්ඩුව තවදුරටත් තියා ගන්න ඕන කාටද? මෙයාලා කොච්චර හොද දෙයක් යෝජනා කෙරුවත් අරයා බැහැ කියනවා. රටට වෙන සෙතක් නැහැ දුප්පත් අපි යෝධ කැබිනෙට්ටුවක් නඩත්තු කරනවා. අපි පව් ගෙවනවා එයාලා සැප විදිනවා.
එතකොට ජනවාරි 8 වෙනිදාට පෙර මම නිර්පාක්ෂික වෙනවා කීවේ වෙන කෙනෙක්ද ?
මොන බොරුද? යටින් වැඩේ දීල දැන් ස්වාධීනයි කියන බව නේද පෙනෙන්නේ?
මඩේ හිටවපු ඉන්නත් හරිම ස්වාධීනයි.