විශ්වාසභංගයක් ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් යහපත් යැයි මෙරට සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සභාපති ජාන් සහ්රාදීල් මහතා කොළඹදී අද (5) පැවැසීය.
විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වීමටත් හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් යැයි ද හෙතෙම කීය. යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 4 වැනිදා වන අතර ඔවුන් හෙට (6) දක්වා මෙරට රැඳි සිටීමට නියමිතය.
තවදුරටත් අදහස් දැක්වූ යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සභාපති ජාන් සහ්රාදීල් මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවේ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. විපක්ෂයට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත් ආණ්ඩුවට ඊට ප්‍රතිචාර දැක්වීම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක් බව පෙන්නුම් කර තිබෙනවා.
ඒ වගේම අපි මෙහිදි ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධයෙන් කියන්න කැමැතියි. ජී.එස්.පී සහනය ලබා දීමේදී අපි ඒ රටවල මානව හිමිකම්, පරිසරය ආරක්ෂා කිරීම, කම්කරු නීති යනාදි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඕනෑම රටක් ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුණාම එම රටවලට එම සහනය අහිමි වෙනවා.“
055
2025 සැප්තැම්බර් මස 17
53
0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2025 සැප්තැම්බර් මස 11
887
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
268
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විශ්වාසභංගය හොඳ ලකුණක්
sirimal Thursday, 05 April 2018 02:16 PM
එක ඇතුලේ වෙච්චදෙවල් දන්නවානම් ඔහොම කියන එකක් නැහැ. උදේට දෙනවා කියල සවසට ආගිය අතක් හොයාගන්න බැරිවුන අයනේ එතන හිටියේ.
SL Thursday, 05 April 2018 02:49 PM
ඉතින් මේක ඔයගොල්ලන්ගේ කැමැත්තට පෙරලුන නිසා එහෙම කියනවා. අනික්පැත්ත වුනා නම් කියයි ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා කියලා.
Bamunuarachchi Sunday, 08 April 2018 11:19 AM
හලෝ ඔයගොල්ලෝ කොහොම කොහොම හරි මොන බොරුවකින් හරි 2020 දක්වා යන්නකෝ. ඊට පස්සේ පෙන්වන්නම් අපේ කෙරුවාව....