IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


විශ්වාසභංගය පරාජය වුණොත් සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි - ලක්‍ෂ්මන් යාපා

(ඩයනා උදයංගනී)
        අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය  වුවහොත් ඉන් ඉදිරියට සම්මුතිවාදී රජය පවතින්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

            මෙම විශ්වාසභංගයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජයග‍්‍රහණය කළහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තු තීන්දුව ලැබෙන අප්‍රේල් 04 වැනිදා රාත‍්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුවද අවසන් කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ ස්ථාවරය වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

            සම්මුතිවාදී ආණ්ඩුව ආරක්‍ෂා කළ යුතු නම් අගමැතිවරයා ජනතාව හා රට ගැන සිතා 4 වැනිදාට පෙර තීන්දුවක් ගත යුතුයැයිද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

            රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (30)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

            ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී විශ්වාසභංගය සම්බන්ධයෙන් ඊයේ (29 ) රාත‍්‍රියේ සාකච්ඡාවක්  කර ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණත් එය සම්පූර්ණ අසත්‍යයක් බව ද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.

            මෙවැනි කිසිඳු හමුවක් සිදු නොවූ බව ජනාධිපති මාධ්‍ය තමන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
            මෙවන් අසත්‍ය ප‍්‍රවෘත්ති පතුරවන්නේ ඡන්දය ගැන විශ්වාසයක් නැති අය බව කී අබේවර්ධන මහතා කිසිම දේශපාලන පක්‍ෂයක් තවම විශ්වාසභංගය පිළිබඳ  ස්ථාවරය පළ කර නැතැයිද කීවේය.
 


 



අදහස් (14)

විශ්වාසභංගය පරාජය වුණොත් සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි - ලක්‍ෂ්මන් යාපා

shan saudi Friday, 30 March 2018 11:55 AM

මේ අය හදන්නේ බලෙන් ආණ්ඩුව ගන්න. මේ අයගේ මහ එක්කෙනත් එක්ක අායෙමත් රටේ ජනතාවගේ මහජන මුදල් දේපල මංකොල්ල කන්න දෙන්නම හොඳ නැහැ. මේ අයවත් එළවලා දාන්න ඕනේ.

:       4061       4353

Sanath Friday, 30 March 2018 12:01 PM

ව්‍යංගයෙන් කියන්නේ එයාලත් පොහොට්ටුවම තමයි කියලනේ.

:       386       435

Sapumal. Friday, 30 March 2018 12:56 PM

විශ්වාසභංගය දිනන බවයි පෙනෙන්නේ. කළගුණ නොදන්නා අන්ත පරාජිත කල්ලියක් සමග ඉන්නවාට වඩා වෙන්වී වෙනම රජයක් පිහිටුවන එක වඩාත් හොඳයි.

:       2197       875

RNG Saturday, 31 March 2018 01:08 AM

එහෙම වෙනම රජයක් පිහිටුවන්න තරම් බලයක් තිබුණා නම් ඇයි පොදු අපේක්ෂකයෙක්ව ගෙනත් තරග කරේ..?

:       3       78

Sapumal.Sunday, 01 April 2018 06:40 AM

RNG මහතාණෙනි, ඔබතුමා දන්නවානේ ඒ වෙලාවේ හැටියට කාටවත් තනි බලයක් තිබුණෙ නැහැනේ. ඒ නිසා පොදු අපේක්ෂකයෙක්ව ගෙනාවා. ඔබතුමාගේ දේශපාලන මතයට මා ගරු කරනවා. මට කියන්න තියෙන්නේ ඒ කාලයේ මෙම ඇමති පොදු අපේක්ෂකයාට විරුද්ධව වැඩ කළා පමණක් නොවෙයි හරියට අපහාස කළා. පසුව අර තරම් උදව් කරපු මහින්ද මහතාව අපහසු තාවයට පත් කරලා විලි ලජ්ජා නැතිව අද අනිත් පැත්තේ බලවතෙක්. මෙයා දැන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ආයෙමත් සෙප්පඩ විජ්ජා වැඩ කරන්නයි හදන්නේ. මෙවැනි අය කොයි පැත්තේ හිටියත් රටට කරන්නේ නපුරක්. මේ අයගේ ආදර්ශ පාඨය වෙන්නේ " පෙරලෙන ගලේ පෙඳ නොබැඳේ " යන්නය.

:       0       17

padmini Friday, 30 March 2018 06:28 PM

මේ ගොල්ලන්ගේ හුලගක් වත් වදින්න එපා කියල එජාපය තනි ආණ්ඩුවක් ගෙනියන්න. අගේ ඉදන් කන කනවා නේද?

:       338       18

rocky Saturday, 31 March 2018 02:29 AM

පාරාජිකා වෙච්ච දෙපිට කාට්ටු පර පෝෂිතයින් ආණ්ඩුවට වැද්ද ගන්නකොටම අපිටත් හිතුණා සර්පයින්ව රෙද්ද අස්සේ දා ගත්තු බව! ඒ කොහොම වුනත් උන්නැහේ ඔහෙලට ඔය පෙන්නේ දවල් හීන! රටට ජනතාවට කෙළවුනත් කමක් නැහැ... තමන්ගේ බොක්ක පිරෙනවා නම් කියලා හිතන දේශපාලකයින් පිටු දැකිය යුතුයි!

:       173       57

ase Saturday, 31 March 2018 04:23 AM

අර ගමේ කතාවක් තියනවනේ "බල්ලෝ අසුචි නොකයිද? ", කියලා නැවත සූරා කෑම පටන්ගන්න නේද යන්නේ? එක්සත් ජාතික පෙරමුණට තනිව ආණ්ඩුවක් කිරීමට ශක්තිය ලැබේවා !!!

:       751       258

sena Saturday, 31 March 2018 05:28 AM

මේ කියන්නේ ඇමතිකම රැක ගන්න ඕනෑ නම් විශ්වාස භංගේ දිනවන්න කියලනේ...?

:       31       1

ajithkaru Saturday, 31 March 2018 06:26 AM

මේ කෙනා එදා ඉඳලම කකුලෙන් ඇද ඇද හිටියේ රනිල්ගේ. මෙයා අරයගේ වලිගයක්...

:       54       46

Shan Saturday, 31 March 2018 07:03 AM

මේ වගේ අපතයෝනේ අපි පත්කරගෙන තියෙන්නේ....

:       113       14

ranjith Saturday, 31 March 2018 10:59 PM

ඒ කියන්නේ මේ සම්මුතිය රටේ මහජන මුදල් ටික කාබාසිනියා කරලා රට ඉවරම කරන්න හදපු මර උගුලක්ද? රටේ විනාසය මේවා ඉහල ඉන්න දෙවියෝ බලාගනීවි.

:       0       0

sena Sunday, 01 April 2018 05:53 AM

එතකොට පින් ඇමතිලා ඔක්කොම ගෙදර??

:       0       0

Bamunuarachchi Tuesday, 03 April 2018 12:36 AM

පුළුවන් නම් මේ සම්මුතිවාදී කියන ලෙච්චමී ආණ්ඩුව ඉවර කර දමන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1345 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site