(අංජුල මහීක වීරරත්න)
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීමේදී අනාවරණය විය.
විශ්වාසභංගය ජයගත් පසුව අප්‍රේල් 05 වැනිදා සිට දින තුන හතරක් ඇතුලත පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කිරීමටද මෙහිදී තීරණය විය. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මෙම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
COMMENTS
රනිල් විශ්වාසභංගය දිණුවට පස්සේ පක්ෂයේ ප්‍රතිසංවිධාන නොකර ඉදිවිද දන්නෙ නැ,කිසිම විශ්වාසයක් තියන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි............
රනිල් පක්ෂ නායක කරමු .
මේ විශ්වාසභංගය රනිල් කොහොම හරි දිනනවා.
මේ වෙලාවේ එජාප බාරගන්න හරි කෙනෙක් නෑ. රනිල් ඉන්නම ඕනේ.
රනිල් මහත්මයා දැන් ඉවත් විය යුතු කාලය එළඹ තිබෙනවා. එතුමාගේ කටයුතු පිළිබඳව විපක්ෂයේ චෝදනා එමට තිබෙනවා. ඒ වුනත් පක්ෂයක් ලෙස බලනවිට තමන්ගේ නායකයාට විරුද්ධ වීම සුළුකොට සැලකිය යුතු නැත. යම් හෙයකින් රනිල් මහතා විශ්වාශ බංගයෙන් පරාජය කළහොත් එම පක්ෂයේ ජනතාවද පක්ෂයෙන් ඇත්වීම සිදුවේවි. එහෙම වුනොත් රනිල් පරදවලා කුමකටද? පක්ෂය විනාශ වීමෙන් වලක්වා ගැනීමට කටයුතු කිරීම මේ වෙලාවේ වඩාත් සුදුසු කාර්යයි.