(විනීතා එම් ගමගේ )
‘‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ. ’’ යැයි ද ගුණවර්ධන මහතා කීය.
‘‘ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම් රටට අහිතකර දේ නතර කරනවානම්, හිතකාමී දේ කරනවා නම් තනතුරු භාර නොගත්තත් අපි සහය දෙනවා’’ යැයි ද හෙතෙම ස`දහන් කළේය.
ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ දෙමටගොඩ වජිරාශ‍්‍රමයේ අද(01) පැවැති ඒකාබද්ධ විපකෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
‘‘මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ අඩංගු වෙනවා විශ්වාසභංග යෝජනාව. මහ දවල් මහ බැංකු මංකොල්ලය ගැන අගමැති විසින් පාර්ලිමේන්තුව නොමඟ යැවු ජාතික අපරාධය ගැන කියන විශ්වාස භංග යෝජනාව මේ වනවිට න්‍යාය පුස්තකයේ ඇතුළත් වෙනවා. හතර වැනිදා හෘදය සාක්ෂියට එකඟව ජනතාව පැත්තේ හිටගෙන කිසිම මන්ත‍්‍රීකෙනෙකුට බැහැ මෙතනදි විරුද්ධ වෙන්න. රුපියල් බිලියන 2000 ක් වැනි මුදලක් රටට අහිමිකරලා අධික කාලයක් ජනතා පීඩනය වැඩි වෙලා, රැකියා අහිමිවෙලා, රට තුළ අවුල් ජාලයක් ඇති වෙලා. ලකාවේ ඉතිහාසයේ ඇතිවූ විශාලතම මුල්‍ය මංකොල්ලයට එරෙහි සියලූ දෙනා මීට සහය දෙනවා.
ඒකාබද්ධයේ සියලූ මන්ත‍්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව, ජනතා විමුක්ති පෙරමුණ, සුසිල් පේ‍්‍රම ජයන්ත ඇතුළු කැබිනට් ඇමතිවරු පිරිසක්, ලක්ෂ්මන් යාපා ඇතූළු කැබිනට් නොවන ඇමතිවරු පිරිසක්, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් මේ වනවිටත් නිල වශයෙන් එකඟ වෙලා තිබෙනවා සහය දෙන්න. එජාපයේ අය ඉතා විශාල වශයෙන් ප‍්‍රසිද්ධියේ ද රහසිගතවද ජනාතාව පැත්තේ සිටගෙන ඉන්නවා. දැනට ඇති ලක්ෂණවල හැටියට හතර වැනිදා රාත‍්‍රියේ අපි ජයගන්නවා.
පුනර්කථනයක් සඳහා කාලය වැඩියි. නමුත් පුරා වසර තුනක් රටේ කරගෙන ගිය ව්‍යාපාර දේශීයත්වය වැනසූ රට අරාජික කළ අනාගතය විනාශ කරන පිරිසට පරාජය උරුම බව සහතිකයි. විශ්වාස භංගයට සහය නොදී තමන්ට පාරෙ බැහැල යන්න බැරිවෙයි කියල මන්ත‍්‍රීවරු කියනවා. දැනට නොකියන අයත් හතරවැනිදාට ඡන්දය දෙද්දි කියාවි. හතර වෙනිදායින් පසු අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නත් දාහයි, මළත් දාහයි. අලියා අලියමයි ආණ්ඩුවත් අලියමයි.
‘විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපි දිනුම්. ඒක ඇත්ත නේන්නම් රටට හෙන ගැහැව්වත් මෙයාලා දිනුම්. අවුරුදු තිහක් විතර දේශපාලනය කරනවා. ඇමති නැතිනම් මන්ත්‍රී රටට සත පහක වැඩක් නැති රටේ වහල්ලු ඉන්නකම් ඔබල දිනුම්...
කාලෙන් කාලෙට වාසිපැත්තට මාරුවෙමින් පුදුමාකාර දේශපාලන ගැලවිජ්ජාවක නියතව ඉන්නා ඇදුරුතුමාට මහබැංකු හුටපටේ විතරයි ලොකුවට පෙනෙන්නේ. මහින්ද හිටපුකාලේ සිදුවුණු බවට දැන් චෝදනා ලැබ පරීක්ෂණ පැවැත්වෙන මිනීමැරුම්, අන්තර්ධාන කිරීම්, රාජ්‍ය දේපල සොරාකෑම්, රාජ්‍ය බලය අවභාවිතා කිරීම් කිසිවක් දැක්කේ නැත්තේ මොකද අප්පා? විශ්වාසභංගයට ලොකුම තල්ලුව ලැබෙන්නේ ආණ්ඩුවේම ඉන්නා ලොක්කෙකුගෙන් සහ ඔහු සමඟ ඉන්නා පිංගුත්තර ඇමතිවරු වරුන් ගෙනුයි කියලයි දැනට කතාවෙන්නේ. අවුරුදු තුනක් ඇතුලත කයිවාරු ගැහුව ආකාරයට ඉස්සර හිටපු කිසිකෙනෙකු අල්ලා ගන්න බැරි වුනාට මේ ආණ්ඩුවේ අගමැතිගේ බෙල්ලට තොන්ඩුව දාන්න නම් කට්ටියට හොඳට පුළුවන් වුනා. සේරටම දැන් හරි සන්තෝස ඇති. අපට නම් කියන්න ඇත්තේ හතර වෙනිදාට පස්සේ මේ සේරගෙන්ම හොඳ හොඳ හරුප අහන්න ලැබේවි කියලා විතරයි. 2020 වෙනකල් ජනතාව පාරට බස්සලා, කල කෝලාහල සංවිධානය කරලා, තව තවත් අයට විරුද්ධව විශ්වාසභංග ගෙනැල්ලා, පාර්ලිමේන්තුවේ පිස්සු නටලා මුළු රටම අස්ථාවර කරන්න තමා මේ කට්ටිය වැඩකරගෙන යන්නේ.
කතාව 100% ඔය මගුල දිනුවත්, පැරදුනත් අම්බරුවෝ 225 ම දිනුම්... එහෙත් කලට වෙලාවට බදු ගෙවන පුරවැසියන් ඔක්කොම පරාදයි.
දිනුවොත් විතරයි අපි දිනුම්. ගුණවර්ධන මහත්තයා කොහොම හරි දිනවන්න රට ගොඩගන්න.
"දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්" නම් මොකටද ගෙනාවේ? අන්තිමේ වුනේ රට අස්ථාවර වී රුපියලත් බාල්දු කර රටම අගාධයට ඇද දැමීමයි. අර ගොල්ලො කරා කියලා මේ ගොල්ලොත් කරන එකද මේ කරන්නේ?
ඇත්තෙන්ම මේ කතාව මෙතුමා මීට කලින් කියාපු "රු ,2500න් මාසයක් ජීවත් වීම" සහ "පොල් ලෙල්ලේ" කතාවටත් වඩා අඥාන කියමනක්. දිනුවත්, පැරදුනත් ඒකෙන් ලැබෙන්නේ එකම ප්‍රතිඵලයක් නම් මේ තරම් මහන්සි වෙලා ඔය කියන විශ්වාස භංගය ඉදිරිපත් කරන්නේ පිස්සුවටද? ඇනස්ලි, බර්ටි, සැමුවෙල් නැති අඩුව මෙතුමා නිසා ටිකක් හරි පිරිමැහෙනවා.
හොරකමට විරුද්ධ කාගෙත් යුතුකම කළ යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාව මෙයයි.
මගේත් අදහස රනිල් එජාපයේ නායක කමෙන් සහ අගමැති කමෙන් ඉවත් වෙනවා නම් එ්ක රටටත් එජාපයටත් සුභදායකයි. නමුත් ඔබතුමා පැරදුණත්, දිනුවත් අපි දිනුම් කියලා කියන්නේ දැන් ඕක පරදිනවා කියලා හිතෙන නිසාද? දැන් ඔය කියන පුද්ගලයින් සියලු දෙනාම ඔබතුමාලගේ පැත්තේ නම් උඩින්ම දිනන්න පුළුවන් නේද?
‘විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපි දිනුම්. ඒක ඇත්ත නේන්නම් රටට හෙන ගැහැව්වත් මෙයාලා දිනුම්. අවුරුදු තිහක් විතර දේශපාලනය කරනවා. ඇමති නැතිනම් මන්ත්‍රී රටට සත පහක වැඩක් නැති බත් පතට කඩේයන අපේ රටේ වහල්ලු ඉන්නකම් ඔබලා දිනුම්... මුදල් ඇමති වෙලා මොනවද රටට කලේ...? 2500 කින් කන්න පුළුවන් කිව්වේ ගෙදර බල්ලටද? මහජන මුදලින් ගන්න පඩියට රටට, ජාතියට, ආගමට තඹ සතේක වැඩක් නොකර මහජනයාට දෙන්න හැකි උපරිම බදු බර දෙමින් තොපි වින්ද සුර සැප මිස වෙන මොනවද කලේ? වැහිනැති හෙන ගහන්න ඕනේ...
කතාව 100%ක් ම හරි. ඔහෙලා කවුරුත් දිනුම්. කෙලවෙන්නේ ම රටේ ජනතාවටයි. අනේ හැබෑට ඔහෙලා මෙච්චර කාලෙකට මොනවද මේ රට වෙනුවෙන් කෙරුවේ? නිකං පච හල හල මාධ්‍ය ඉදිරියේ මූනත් තහඩුව පෙන්වන ඔහේ නේද පවුලකට රුපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ය කිව්වේ?
පරදින හින්දා දැන් ඔහොම කියනවා. රුපියල් 2500 කින් මාසයක් කන්න පුළුවන් කිව්ව මිනිහනේ...
ඔයා සේරම හැමදාම දිනුම්. අපි තමයි පරාද !
මන්ත්‍රී තුමා වත්කම් බැරකම් හරියට පෙන්වනවා නේද?
ඔව් ඔව් රු.2500කින් මාසයක් ජීවත් වෙන හැටි කියා දුන් මෙතුමා නිසා අප එදා ඉඳන් දිනුම්.
මේ අය කවදත් දිනුම්. මේ අයට පාර්ලිමේන්තු යවපු ජනතාව හැමදාම පරාදයි
අනේ මන්දා බන්දුලට අමු කැවිලා වගේ , නිතරම කතා කරන්නේ නුගත් වගේ
ඔබතුමාලා හැමදාම මතුරන්නේ බන්දුම්කරෙයි බංග යෝජනාවයි විතරයි.ඇයි තාජුදීන් මන්තරය,ලසන්ත ඝාතන මන්තරය,සුදු වෑන් මන්තරය,අග විනිසුරු වරිය එලියට ඇද දමා රටේ නීතිය බල්ලට දැමූ මන්තරය ඇතුළු බොහෝ හොර මැරකම් සම්බන්ධ මන්තර පොතක්ම තියෙනවානේ.ඒවත් මතුරන්නකෝ.ඔය මන්තර පොතෙන් කරපු කොඩිවින දැන් දැන් කැපීගෙන එනවිට කොහොම හරි අගමැති අයින් කරලා කරපු මහා පාප කාර්ම වලින් බේරෙන්නයි මේ දඟලන්නේ.කොහොම දඟලුවත්,මුහුද මැද හෝ පර්වතයක කුහරයක සිටියත්,පව් පල දෙනවා දෙනවාමයි.