2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ලංකාවෙන් පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි.
ලංකාවෙන්ම දෙවැනි තැනට පත්ව සිටිනුයේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහ ශිෂ්‍යාවයි. තෙවැනි තැන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම්.සුගත් රවිඳු සිසුවාට හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමත් සැමට සුබ පැතුම්. අනෙක් සියලුදෙනා ලබන සැරේ උත්සහ කරමු අධ්‍යාපනය ලොවක් වෙනස් කරනු ඇත
සුබ අනාගතයක් වේවා
ඉහලින්ම සමත් වුන ඔබට සුබ පැතුම්. ඒ වගේම හැම දරුවෙකුටම තමන්ගේ දක්ෂතාවය අතින් කුමන හෝ විෂය ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය ලබන්නට වරම් ලැබේවා. මම දන්නා කෙනෙක් ඉන්නවා එයා විද්‍යා, ගණිත, වාණිජ, කලා, තාක්ෂණික අංශ එකකට වත් එතරම් දක්ෂතා නැති බව දැනගෙන Culinary Arts (ඉවුම් පිහුම් සහ ආහාර පිළිගැන්වීම) පිලිබඳ උපාධියක් හදාරලා දැන් ඉතාම උසස් ආයතනයක විධායක සූපවේදි තනතුරක් දරන. මුලුතැන්ගෙට වෙලා උය උය ඉන්න එක නෙවෙයි එයා කරන්නේ. අනිත් අය උයන හැටි පිළිගන්වන හැටි අධීක්ෂණය කරන එක සහ උපදෙස් දෙන එක. හරිම දක්ෂයි. එයාගේ දක්ෂතාවය එය අඳුන ගත්ත එකයි, ඒකට දෙමව්පියන්ගෙන් සහයෝගය ලැබුන එකයි කොච්චර දෙයක්ද. ඒ කාරණා දෙක තමයි අද එයා මේ වගේ උසස් තනතුරක් දරන්න මුල් වුන හේතු දෙක.