(සිරංගිකා ලොකුකරවිට )
නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ ජෝඩු 38ක් දින තුනක දී රජයේ වියදමින් විවාහ කරදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන ලදී.
මොවුන් විවාහ කර දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් තුනක් අතරතුර දී ය.
ඒ අනුව සිකුරාදා (24) පැවැති සන්දිලිප්පායි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු තුනක් නීත්‍යානුකූලව විවාහ කළ අතර සෙනසුරාදා (25) උඩුවිල් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු අටක් ද අද ඉරිදා (26) කරවෙට්ටි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර ජෝඩු 27ක් ද මෙලෙස විවාහ කරවීය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ දීර්ඝකාලයක් යුද්ධයට මුහුණ දී තිබූ උතුරු ප්‍රදේශවල නීත්‍යානුකූළව විවාහ නොවූ නමුත් දරුවන් පවා සිටින අඹු සැමියන් විශාල පිරිසක් සිටින බවයි.
ඔවුන්ගේ විවාහ ලියාපදිංචි කිරීම නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන පැවැත්වෙන භූමියේ දී රජයේ වියදමින් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධිත රටවල් වලත් විවාහ නොවුනත් එකට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. රජයේ වියදමින් විවාහ කෙරෙව්වා කියන එකේ තේරුම දන්නේ නැහැ. ඒ මිනිස්සු කැමත්තෙන්ද විවාහ වෙලා තියෙන්නේ? මේ පින්තූර වල ඉන්න එක පින්තුරයක මනුස්සයින්ගේ සතුටක් පේන්න නැහැ. අපි 21වෙනි සියවසේද ජීවත් වෙන්නේ?
ආණ්ඩුව කපුකමත් කරනවද. කව්ද කපු ඇමති
මේ වැඩේ කටුනායක, ජා ඇල අවට බෝඩිම් කාමරවල ඉන්න අයටත් කරන්න. ජාත්‍යන්තර අවදානයක් ලැබෙන එකක් නම් නැහැ. නමුත් සිංහල, දෙමළ ළමයි ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. මුස්ලිම් අය කලාපයේ වැඩ කරනවා අඩුයි. නිකන් කිව්වේ මුස්ලිම් අය අඩුයි කියලා...
විවාහ වීමට කැමති යුවලකට උදව් කිරීම අති ශ්‍රේෂ්ට " සමාජ සේවයක් " .
රටේ වියවස්තාව අනුව වැරදි අර්ථකතනයක් මම හිතන්නේ
ජනතාවගේ බදු සල්ලිවලින් කරන ගොන් වැඩ
හොඳින් හිටපු අය අමාරුවේ දැම්මා මේ ආණ්ඩුව.