සිතුම් චතුරංග
වවුනියාව සතොස සුපිරි වෙළෙඳ සැලෙහි අලෙවි කිරීමට තිබූ සීනි සමඟ යූරියා පොහොර කවලම් කර පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම හේතුවෙන් එම වෙළෙඳසැලේ ගබඩාවෙහි තිබූ සීනි මළු සියල්ලට මුද්‍රා තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.
පාරිභෝගිකයකු විසින් රැගෙන ගිය සීනිවල වෙනසක් තිබීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණිලි කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂාවකදී යුරියා පොහොර සමඟ කවලම් කර තිබූ සීනී තොගය සොයා ගත් බව පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණිල්ල ලැබෙන විට පෙරේදා (2) උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා පාරිභෝගිකයින් සියයකට ආසන්න සංඛ්‍යාවකට සතොස සුපිරි වෙළෙඳසැලෙහි සීනි නිකුත් කර තිබූ බවට අනාවරණය විය.
වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ගිරිදරන් මහතා පවසා සිටියේ සතොස සේවකයකු රැගෙන ආ යූරියා පොහොර මිටි දෙකක් සීනි සමඟ ගබඩා කර ඇති බවත් අනෙක් සේවකයින් එය නොදැන සීනි සමඟ ලබාදී ඇති බවට සතොස සේවකයින්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවයි.
අදාළ ස්ථානය වෙත පරීක්ෂා කිරීම් සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බාධාවන අයුරින් සතොස කළමනාකාරවරයා කටයුතු කළ අකාරය එහි ගිය මාධ්‍යවේදීන්ට දැකගන්නට ලැබිණ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යූරියා පොහොර සමඟ මිශ‍්‍ර සීනි සාම්පල රැගෙන මුද්‍රා තබා ඇති අතර ලබන (6) සඳුදා අදාළ සාම්පල වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන ගහනවා මෙහෙම කරන අයට !
සතොස කළමනාකාරවරයාට බාධාවන අයුරින් කටයුතු කළා නම් මේක සැලසුම් කරලා කල අපරාධයක් වෙන්න පුළුවන්...
මිනිසුන්ට දහජරාව විකුණලා සල්ලි ගොඩගහන එක දැන් කළුකඩකාරයෝ විතරක් නෙමෙයි ආණ්ඩුවේ කඩවලත් පටන් අරගෙන...
ජීවිතය තිබෙන තුරාවට එහෙනම් සතොසට යන්නේ නැහැ. අපේ රටේ මිනිසුන්ට වෙලා තියෙන වැඩක්..
පොහොර කිරීම කොහොහොම හරි කරලා නේද.
මේවගේ අයට තමා ප්‍රථමව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනේ, දෙවනුව කුඩු වලට.
ආහාර ද්‍රව්‍ය සමග පොහොර කෘමි නාශක වල් නාශක ගබඩා කිරිම තහනම් බව නොදැන හෝ දැන දැනම කල මේ වරදට සම්බන්ධ සේවකයන් සියලු දෙනාටම උපරිම දඩුවම් කල යුතුය.