(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියමයට අනුව පෞද්ගලික බස් හා ලංගම බස් ධාවනය නව බස් නැවතුම්පළේ සිට ක්‍රියාත්මක කරන ලෙසට දුන් දැනුම්දීමට අනුව පෞද්ගලික බස් නව බස් නැවතුම්පොළට ගියද ලංගම බස් රථ එහි නොයෑම හේතුවෙන් අද (26) දෙපාර්ශවය අතර වූ උණුසුම් තත්වය පලානය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය.
අද ලංගම බස් රථ එහි ගාල් නොකිරීම හේතුවෙන් එයට පෞද්ගලික රියදුරෝ දැඩි විරෝධය පෑහ.
මේ අනුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ නියෝගය අනුව වව්නියාව පොලීසිය අද ලංගම බස් නියේජිතයින් සමග සිදු කළ සාකච්ඡාවේදී ලංගම නිලධාරින් කියා ඇත්තේ ලබා දී ඇති කාලසටහනට අනුව නව බස් නැවතුම්පොළේ සිට බස් ධාවනය කිරීමට නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් ඩිපෝව හරහා කොළඹින් තමන්ට දැනුම් දෙන තුරු පැරණි බස් නැවතුම්පොළේ සිට බස් ධාවනය කරන බවයි.
නමුත් එම අවස්ථාවේදී පෞද්ගලික බස් හිමියන් කියා සිටියේ ලංගම බස් නව බස් නැවතුම්පොළට රැගෙන නොයෑමෙන් තමන්ට දැඩි අසාධාරණයක් වන හෙයින් නියෝගයට අනුව දෙපාර්ශවයම නව බස් නැවතුම්පොළට යා යුතු බවත් එසේ නොවන්නට තමන්ද පැරණි බස්නැවතුම්පොළේම බස් ගාල් කරන බවටයි.
පසුව එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර පොලීසිය මැදිහත් වීමෙන් තත්වය පාලනය කොට ඇති අතර තවත් කලබල කරන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවටද දැනුම් දී ඇති අතර බස් ගාල් කිරීමේ ගැටලුව නැවත සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.



2025 දෙසැම්බර් මස 18
528
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියාව බස් සේවකයෝ අදත් ඇවිලෙති