ප්‍රසාද් රුක්මල්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල අධ්‍යයනය පීඨ නැවත දැනුම් දෙන තුරු අද (24) වසා දැමූ බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය.
විශ්ව විද්‍යාලයේ පිහිටි ආපනශාලාව තුළ විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම ගැටුම දුරදිග යාමට ඉඩ ඇති හෙයින් මෙම අධ්‍යයනය පීඨ වසා දැමීමට තීරණය කළ බව උප කුලපතිවරයා කීය.
හෙට (25) දහවල් 12ට පෙර දෙවැනි සහ තෙවැනි වසර අධ්‍යයනය පීඨ සිසුන් සිය නේවාසිකාගාර වලින් ඉවත්වන ලෙසට දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරයි වහන් නැතුව තිබ්බේ. රටේ නමකුත් හැදෙමින් තිබුන. ලෙඩේ දැන් එකටත් ඇවිත්. ගොඩක් විශ්වවිද්‍යාලවල අයටත් ලොකු බලපොරෝතුවක් තිබුන මේකත් ඔය විදියට වෙන්න. දැන්නම් හරිම ලස්සනයි. ඔන්න ඇලුත් ගමන. ජයවේවා.
ඔබට සතුටුයි ද දැන්?......
විශීෂ්ට පරිපාලනයක මානුෂීය මුහුණුවර ජයවේවා!!!
රවින්ද්‍ර මහතා වැනි හාවර්ඩ් වැනි විශ්වවිද්‍යාල වල ගිය අයගේ අදහස් බොහොම වටිනවා. ඔයා වගේ අයගේ අදහස් රටක් කාලකන්නි කරන්න ඉතාමත් වටිනවා. වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මගේ අදහස් විතරවත් හිතන්න බැරි එක ගැන හරි දුකක් දැනෙනෙවා. මොකද ඔලුගෙඩියක් දුන්නට මොලේ කළදක්වත් ලැබිල නෙති නිසා.