IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටී 21 කට තුවාලයි

(අකිල බද්දෙවිතාන,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

 වැල්ලවත්ත සැවොයි අසල තට්ටු පහඩනැගිල්ලක් කඩා වැටී 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි.

 


ගාලු පාරේ වැල්ලවත්ත ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.


මේ මොහොතේ එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා බේරාගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ ඇත.
ගිලන් රථ 10කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එම ස්ථානයට පැමිණ තිබේ.


බැංකෝ යන්ත්‍ර  රැසක් එම ස්ථානයට පැමිණ ඇත.


වැල්ලවත්ත නගරයේ අධික රථ වාහන තදබදයක් ඇති වී  තිබෙන අතර වර්ෂාව මධ්‍යයේ පොලිසියේ නිලධාරින් තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර  ඇත.


කඩා වැටී තිබෙන්නේ සැවෝයි සිනමා හල පිටුපස තිබූ උත්සව ශාලාවක් බවට දැනගන්නට තිබේ.


මාධ්‍යවේදීන්ට එම ස්ථානයට යාමට අවසර නොමැති අතර ඩ්‍රෝන යානාවක් යැවූ රූපවාහීනි නාලිකාවක මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය බැන වැදුණේය.


යළිත් එම ස්ථානයට තද වැසි ඇද හැලෙයි.



පාසල් සිසුන් ඇතුළු සාමාන්‍ය ජනතාව එම ස්ථානය නැරඹීමට පැමිණීමෙන් මෙහෙයුම් කටයුතුවලට බාධා වන බැවින් එසේ පැමිණීමෙන් වළකින්නැයි පොලිසිය කියයි.


27දෙනකු තුවාල ලබා ඇත.ඉදිකිරීම් වැඩ බිමේ සේවකයින් හා උත්සව ශාලාවේ සේවකයින් පිරිසක් තුවාලකරුවන් අතර වෙති.

තුන් දෙනකු සිරවී සිටින බව කියැවෙන අතර නව දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.


ලොරියක් හා වෑන් රථයක් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී විනාශ වී ඇත.


(ඡායාරූප - අකිල බද්දේවිතාන)

 



අදහස් (13)

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටී 21 කට තුවාලයි

sanjeeva Thursday, 18 May 2017 06:28 AM

මේ සැවෝයි එකට පිටිපස්සේ තියෙන රිසෙප්ෂන් හෝල් එක ද

:       0       0

vipula Thursday, 18 May 2017 07:07 AM

මේකත් මහින්දගේ වරදක් වේවිද මීතොටමුල්ල වගේ.

:       12       47

ප්‍රීති Thursday, 18 May 2017 07:38 AM

ලංකාවේ දක්ෂ ඉංජිනේරුවන්ගේ දක්ෂකම් තමයි මේ,, දැන් ඉතින් මේසන් බාස්ලට වරද පටවයි???

:       81       18

don Thursday, 18 May 2017 08:30 AM

එල්ටීටිඊ සැමරුම් දිනවල දකුණේ මොනවා හෝ දෙයක් සිදුවෙමින් පවති... මෙය යම්කිසි සැලසුම් සහගත දෙයක් වීය හැක. බිලිපුජාවක් හෝ පලිගැනිමක්. පසුගිය දිනවලත් පරබාගේ ගුණ සමරන අවස්තාවල මෙවැනි දේවල් සිදුවුනා නේද.

:       80       185

JANATHA ANURA UAE Thursday, 18 May 2017 12:44 PM

ඉංජිනේරුවට වැරදී ඇත. නැතිනම් ඉංජිනේරු උපදෙස් වලට පිටින් කටයුතු කර ඇත. ලංකාවේ ඉංජිනේරු උපදේශක සමාගමක් නැතිවත් ඕනෑම කෙනෙකුට ඉදිකිරීම් කලහැක. අනුමැතිය මුදලට පමණි. මේවා වහාම නිවැරදි කර නීති සැකසිය යුතුය.

:       1       5

lanka Thursday, 18 May 2017 02:39 PM

ගොඩනැගිලි හදනකොට ලෝබ කමට අඩු මුදලකින් හදන්න ගියාම මේවා සිද්ධ වෙනවා. මේකෙන් සිද්ධ වුනේ මිනිස් ජීවිත ගණනාවක් අහිමි වුන එකයි

:       9       1

මධුශාන් Thursday, 18 May 2017 09:12 PM

සයිටම් වගේ එකකින් ආපු අවම ප්‍රමිතිය තියෙන ඉංජි⁣නේරුවොද දන්නනෙ නෑ මේක හැදුවෙ.

:       0       0

nisal Friday, 19 May 2017 01:34 AM

ප්‍රීති. දන්නා දෙයක් කියන්න.මෙමෙ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ලබාගෙන නැත. මුළු ගොඩනැගිල්ලම ඉදිකර ඇත්තේ මේසන් බාස්වරු පමණි. කිසිදු ඉංජිනේරු සමාගමක සේවය ලබා ගෙන නැත. කඩන් වැටෙන එක පුදුමයක් නෙවෙයි. .

:       0       0

vipula Friday, 19 May 2017 02:34 AM

මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ මැදට කොන්ක්‍රීට් කණු නොමැති වන පරිදි. උත්සව ශාලාවේ රූපගත කිරීම් කරදරයක් නොවන පරිදි ගැනීම සඳහා.

:       0       0

sanju Friday, 19 May 2017 02:51 AM

මුදලට ඕනෑම දෙයක් කල හැකි රටක බාල විදිහට හදපු ගොඩනැගිලි හැමතැනම.

:       0       0

ranjan Friday, 19 May 2017 05:48 AM

රජයේ රෝහල වලට නම් අරන් යන්න සමහරු එපා කියයි කියල මම හිතුවෙ. ඒවගේ ඉන්නෙ කුහක දොස්තරලලුනෙ. ඒක නිසා ලෙඩ්ඩුන්ව සයිටම් අරන් ගියා නම් හරි. තුවාල වෙච්ච මිනිහව මෝචරියටම අරන් ගිහින් නවත්තයි.

:       4       419

ඉන්දික Friday, 19 May 2017 06:32 AM

ලංකාවනේ, ප්‍රමිතියක් නෑනෙ, වැදගත් සල්ලි විතරයි නේ, අනුමැතිය තට්ටු තුනකටනේ, හදමින් තිබ්බෙ හත්වෙනි තට්ටුවනෙ, සයිටම් වගේමයි නේ, දැං අපේ බදු වලින් වන්දි දෙමුනේ, වන්දි වලට මිනිස් ජීවිත ගන්න බෑ නේ!! තුවාල වුන අයට ඉක්මනින් සුව වේවා, මියගිය අයට නිවන්සුව ලැබේවා!!

:       0       0

මධුශාන් පෙරේරා Friday, 19 May 2017 06:38 AM

ලංකාවෙ අයට මොන ප්‍රමිතියක් ද.. සල්ලිනෙ වැදගත්!! නගරසභාවේ ඇමතිතුමාත් ඉතිං අයිතිකාරයගෙ "තට්ටු බිල්ඩිං හීනෙ" හැබෑ වෙනවනෙ කියල අනුමත කරන්න ඇති ටක් ගාල. ඕකට විරුද්ධ උනානං කියයි ඒ අයගේ ඉරිසියාවට, ඉදිකිරීම් සංගමේ අයට ගාන නොදුන් නිසා තමයි විරුද්ධ වෙන්නෙ කියල. මොනව වුනත් අන්තිමට ඒකට වන්දි ගෙවන්න වුනේ ⁣අහිංසක මනුස්යෙක්ගෙ ජීවිතයකින්. තව කීයක් මැරිලද දන්නෙ නෑ. නැති වුන ජීවිතේ සල්ලිවලට ගන්න බෑනෙ කවුරු වන්දි දුන්නත් දැං. තමංගෙ කෙනෙක්ට මේක වෙනකල් මේ රටේ අයට ප්‍රමිතිය ගැන තේරුමක් නෑ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site