(ප්‍රේමතිලක පෙරමුණ)
කළුතර වැලිපැන්න ප්‍රදේශයේ දී සිදු වු වෙඩි තැබීමකින් තරුණයකු (24) මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුවාරිස්ගේ නුවන් චාමර නැමැත්තතෙකු වන අතර බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හක්දෙහි දිල්ශාන් මධුශංක හා දර්ගානගරය කැප්පෙටි ලන්ද පදිංචි සුමිත් චන්දන නැමැති දෙදෙනා තුවාල ලබා ඇත.
තුවාලකරැවන් දර්ගානගරය රෝහලට ඇතුලත් කරන විට එක් පුද්ගලයෙකු මියගොස් තිබී ඇති අතර අනිත් පුද්ගලයින් දෙදෙනා නාගොඩ මහරෝහලට මාරු කර යැවූ බවත් එයින් එක් අයකුගේ තත්වය බරපතල බවත් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයින් වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අය බවත්,වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් තුවාලකරුවන් විසින් හදුනාගෙන ඇතැයිද ඒ අනුව ඉදිරි පරීක්ෂණ පවත්වන බවද වැලිපැන්න පොලිස්ථානාධිපති පොලිස්පරීක්ෂක රාජමන්ත්‍රී මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම තැනම තුවක්කු තියෙනවා. ඒ නිසා අපටත් අපේ ආරක්ෂාවට තුවක්කු ලබා දිය යුතුය. මරල දල ගියාට පස්සේ ඔය පරීක්ෂණ වලින් වැඩක් නැහැ. එහෙම නැතිනම් රටේ අනවසර ගිනිඅවි සොයා මහා මෙහෙයුමක් කර අනවශ්‍ය ගිනිඅවි පාවිච්චි කරන්නන් අහු වුණොත් නිසි පියවර ගත යුතුයි. මේවා නිකම්ම උනේ නැහැ ඔය ඇවන් ගාඩ් එකේ තුවක්කු ජාවාරම රටේ ආරක්ෂාවට මහා ඛේදචාකයක් බව මම එදා ඉඳල කියනවා.