(බිඟුන් මේනක ගමගේ )
විල්පත්තු වන සංහාරයක් පිළිබඳව නැගෙන විරෝධතා වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ඉලක්ක කරගත් එකක් බවට සැකයක් ඇතැයි ද රජය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් සිදුවූයේ 2012 රාජපක්ෂ ආණ්ඩුව සමයේ යැයි ද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන ප්‍රකාශයක් කර ඇතැයි ද ජයසේකර මහතා කීවේය.
එසේ තිබියදී සමාජ ජාලා මාධ්‍ය මගින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරෙන්නේ යැයි චෝදනා කළ හෙතෙම පැහැදිළිවම එය අමු කැලෑ ගිනි තබන පන්නයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි අවධාරණය කර කීය.
විල්පත්තු වනයේ මේ වනවිට කිසිදු නැවත පදිංචි කිරීමක් හෝ කැලෑ කැපීමක් සිදු නොවන්නේ යැයි ද එනිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් රජය සම්පූර්ණ කරුණු දැක්වීමක් රට හමුවේ කළ යුතු යැයි ද ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන විදියට මෙයත් කොකේන් ගහලද කොහෙද? පරිසර ඇමතිකමයි ආරක්ෂක ඇමතිකමයි දෙකම තියෙන්නේ ඔහෙගේ ලොක්ක ගාව...
1970-77 සමගි පෙරමුණු රජය ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ තෝරාගත් විශාල ගස් කපා තුනී ලෑලි නිෂ්පාදනය කළා. මධ්‍යම කඳුකරයේ ඇති තෙත් වනාන්තර රටේ හදවත මෙන් සලකා ආරක්ෂා කරගත යුතුය. තේ වගාව සඳහා බ්‍රිතාන්‍යයන් එළිකරන ලද ප්‍රදේශවල ඇති දල බෑවුම් සහිත ප්‍රදේශ හා ජලපෝෂක ප්‍රදේශ නැවත වන වගා කළ යුතුය. පහතරට වියළි කලාප වල ඇති වනාන්තර වලින් පරිසරයට විශාල බලපෑමක් වන්නේ නැත. විල්පත්තු, සෝමාවති රක්ෂිතවලට යුද්ධ කාලයේ අලුතින් කැලෑබවට පත්වූ ඉඩම් එක් කරනවාට වඩා එම ඉඩම් වල තේක්ක, කජු කෙසෙල් වැනි වාණිජ වගාවක් කිරීම වඩා අර්ථාන්විතයි.
පොහොට්ටුවට හෙත්හිටු වෙන්න බැරි වුනොත් ලබන සැරේ උන්දැට 4%ක් වත් නැහැ. එහෙව් එකේ මම නම් හිතන්නේ නැහැ උන්දැට විරුද්ධව ප්‍රචාරයක් ගෙනයන්න කාටවත් ඕනේ කියලා...
මෙතුමාට ලොකු වෙලා තියෙන්නේ, කැලෑ සුද්ද කරන එකට වඩා, ජනාධිපතිව සුද්ද කරන එකයි. මෙතුමගේ අනාගත පැවැත්ම තිබෙන්නේ එතනනේ... ඒකයි මෙච්චරටම හිතේ අමාරුවට කෑගසන්නේ... අනේ මේ අපි නොදන්නා දයාසිරි...
මොකක් කරලා හරි කමක් නැහැ.. මුසල්මානුවන් පන්නා දමා ඉඩම් ටික සිංහලයින්ට දෙන්න. මුසල්මානුවන්ට ආපු රටට, දකුණු ඉන්දියාවට යා හැකි සිංහලයා කොහේ යන්නද? බිම් අඟලක් දෙන්න එපා.
දැන්වත් පිරිමියෙක් වගේ ඉන්න මනුස්සයෝ. සිරිසේනගේ ප්‍රශ්නයක් නම් සිරිසේන බලාගනී. අනුන්ගේ රෙදි හෝදන්නේ නැතුව රටට වැඩක් වෙන දෙයක් කරන්න.
මෙයාට කියන්න පුලුවන් නම් මෙයාගේ ආසනය පඬුවස්නුවර දිනලා පෙන්නන්න කියලා... එහෙනම් බොරු හිලක්
2012 දී දයාසිරිලා මෛත්‍රිපාලලා කොහේද හිටියේ?
කියන්න තියෙන්නේ එකම දෙයයි..
රටට කරපු දෙයකුත් නැහැ
මේ ගැන ජනාධිපතිතුමාට නැති කලබලයක් මෙයාට මොකද ?
විල්පත්තුවේ කිසි දෙයක් වෙලා නැහැ. සමහර මෝඩයෝ ජාතිවාදය අවුස්සනවා ඕවට අහුවෙන්න එපා.
පිස්සු කියවන්නෙපා මහත්මයා. මෙය කාගේ පක්ෂේකදී කළද වරද වරදක්ම බව පෙන්වාදෙනු කැමැත්තෙමු... ඔබගෙන් මීට වඩායමක් බලාපොරොත්තු වන්නෙමු. තවද දේශපාලන කණ්ණාඩි පසෙක තබා විද්වත් මනසකින් මෙදෙස බැලීමට අාරාධනා කරන්නෙමු...
මොවුන් ඇවිල්ලා තමයි දේසපාලනයට රිලා සංස්කෘතිය ඇතුලත් කලේ . බංකොලොත් දේශපාලුවෝ.
කිසි පරීක්ෂණයක් තියන්න ඕනේ නැහැ .. ඒවාට වියදම් වෙන්නේ දුප්පත් ජනතාවගේ සල්ලියි . මෙතෙක් කල් තිබුණු කිසිම පරීක්ෂණයකින් සෙතක් රටට ඇතිවී නැහැ ඒවායේ වාර්තාව පවා රටට හෙළිකරන්නේ නැහැ.