(රොමේෂ් මධුෂංඛ)
විල්පත්තු රක්ෂිතය හා ඒ අවට සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය සන්නිවේදනය තුළින් යළි ජාතිවාදය ඇවිස්සීමේ අවදානමක් ඇති හෙයින්, එවැනි උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති.
වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උතුරු-නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේලා මෙසේ කීහ.
එහිදී අදහස් දැක්වූ සියඹලාගස්වැව විමලසාර හිමියෝ මෙසේද කීහ.
‘පටු දේශපාලන හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් දකුණේ ඇතැම් පිරිස් විසින් විල්පත්තු වනය හෝ එහි අතීතය පිළිබඳව නොසොයා පදනම් විරහිතව කරනු ලබන චෝදනා මගින් රටේ අනවශ්‍ය ව්‍යාකූල තත්වයක් ඇති විය හැකියි.
විල්පත්තු වනය ආසන්නයේ හිටපු ජනතාව මීට වසර 30 කට අධික කාලයකට පෙරයි ඒ ප්‍රදේ වලින් ඉවත් වුණේ. යුද්දෙන් පසුව දැන් ඒ අය හිටපු පළාත්වලට ආවහම මේ කැලෑ එළි පෙහෙළි කරන්න ඕනේ. අනිත් කාරණාව මේ ජනතාව මේ වෙනකොට ගිය පිරිසට වඩා වැඩි වෙලා ඉන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ අයගේ දරු මුණුබුරෝ ඉන්නවා. ඒ අය දැන් පදිංචි වෙන්න ඕන. මේ නැවත පදිංචි කිරීම් රාජ්‍ය අනුග්‍රහය යටතේ වෙලා තියෙන්නේ. මේ ජනතාවට ආර්ථික වශයෙන් සවියක් වීමටයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න රජය පියවර අරන් තියෙන්නේ.
මේ කරුණු දෙස සියලු දෙනාම මානුෂීය පදනමෙන් බලා මේ පළාත් වලට පැමිණ ජනතාව විඳින දුක ගැන සොයා බලලායි කරන චෝදනාවක් කරන්න ඕන. වෙනම ආකල්ප ඇතිව මේ දෙස බලනවානම් මෙය ජාතිවාදී ස්වරූපයකට ගමන් කරනවා. මේ ගැන රටේ නායකයින් අවධානය යොමු කළ යුතුයි.‘
වැලිඔය කිරිඉබ්බන්වැව විහාරාධිපති පොළොන්නරුවේ විජිතාලංකාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු විනාශය ඇසින් දුටු අය ඕනෑතරම් සිටිනවා. නමුත් මේ හාමුදුරුවරුන්ට පේන්නේ නැති එක මහා පුදුමයක්... මේ හාමුදුරුවරු කියන්නේ ඇත්ත නම් යුධ කාලයේදී පුත්තලමට සංක්‍රමණය වෙලා රජයේ ඉඩම් වල පදිංචි වූ මුස්ලිම්වරු එම ඉඩම් නැවත රජයට දී විල්පත්තුව ආශ්‍රිතව ජීවත්වුනු ඉඩම්වලට යා යුතුයි. එහෙම නැතුව පුත්තලමේ ඉඩම්වලටයි විල්පත්තු ඉඩම් වලටයි අයිතිවාසිකම් කියන්න ඉඩදෙන්න බැහැ.
අපට මතකයි පහුගිය කාලේ ඔබවහන්සේලාට ඔය පළාතේ දේශපාලුවන්ගෙන් දොළ පිදේනි ලැබුණා. තරාහවසරයි! මෙතන ජාතිවාදයක් දේශපාලනයක් නෑ. පක්ෂ පාට භේද ආගම් භේද නොතකා අපි විරුද්ධයි විල්පත්තු වන සංහාරයට.
මේ අයගේ අතට රුපියල් පන්දාහක් දුන්නොත් ඕනෑම බොරුවක් කියයි...
කට්ටිය වැඩි උන කියල මුළු කැලේම කපල උන්ට දෙනවද ? එහෙමනම් ෆ්ලැට් එකක් හදල ගෙවල් දෙන්න....
පුදුම කඩේ යාමක්නෙ මේක. දැං ඔය කපන ගස්වල දැව කොටන්වලට වෙන්නේ මොකක්ද කියල ඔය උන්නාසේල හොයල බැලුවයි. දොල පිදේනි අරන් වදාලන්න කලින් ඇස් ඇරල බැලුවනම් අවසර. අනේ අප්පේ මෙහෙම අබුද්දස්ස කාලයක්.
ගුවනින් ගොඩබිමින් ඇස් පනාපිටම විනාශකාරී දෙයක් වෙනවා. දැනදැනම මුසාවාද සිල්පදේ කඩන්න එපා හාමුදුරුවනේ... තව අවුරුදු 5කින් විතර බොන්න වතුර ටිකත් හිඳුණාම තේරෙයි. මේ රටේ අවුරුදු දහස් ගණන් පැරණි ගොඩනැගිලිවල නටඹුන් තාම තියනවා. ඔය සුද්දා කරන කැලේ අස්සේ අවුරුදු 30කට වඩා පැරණි එක කඩා වැටුණු ගෙයක් පෙන්නන්න පුළුවන්ද? ගහක් අපේ වත්තක හදාගන්න පුලුවන් අලියෙක්, කොටියෙක්, වලහෙක් වත්තක හදාගන්න පුලුවන්ද?
ඕක මහින්ද පටන් ගත්තේ. මහින්දට මම අකමැති වුනත් ඔහු කල දේ හරි. අපි හිතමු ඔය කැලේ කපලා මහින්ද සිංහල මිනිස්සුන්ව පදිංචි කළා කියලා. එහෙනම් කියයි පේනවනේ දෙමල ජනගහන අනුපාතයට පහර ගහන්න කල දුරදක්නා නායකත්වය කියලා. ඕකම තමයි කිව්වේ ඩී එස් උතුරු මැද පළාතේ මිනිස්සු පදිංචි කරනකොට. විල්පත්තුවට තියන බම්බුවේ ආදරේ. උතුරු, නැගෙනහිර හැර ඉතිරි පළාත් හතේ වනගහනය 3% යි. උතුරු හා නැගෙනහිර 40% යි. එහෙනම් අනිත් පළාත් හතම සම්පූර්ණයෙන් සුද්ද කරේ කවුද? දෙමළද, මුස්ලිම් කාරයද? සිංහරාජේ කපන්නේ දෙමළද මුස්ලිම් කාරයද? මේක තනිකර ජාතිවාදේ වපුරන සෙට් එකේ වැඩක්...
අපට පව්නොදී ඉන්නවාද? දැනට වැඩිදුර ලියන්නේ නැත. එක මුසල්මානු පවුලකට අක්කර 4ක් පමණ ඉඩම් දුන්නේ මොන ඉඩම් කච්චේරියෙන්ද? නරකද පාන්ශුකූලයක් දීලා කීයක් හරි හම්බකරගෙන සද්ද නැතිව හිටියොත්...?
ඇස් පනාපිට වෙලාතිබෙන නස්පැත්තිය පෙනෙද්දී මේ ගොයියෝ මොනවද මේ කියන්නේ...?
උසාවියෙ නඩුවක් තියෙනවනේ.... අපි මොටද කලබලවෙලා නිකන් පෙට්‍රල් පුච්චා ගන්නේ? ඉවසමු….ඉවසන දනා මැයි රුපු යුදයට ජය කොඩිය නැද්ද?
ඩොලරවට කෑදර අප්පච්චියි, කොමිස් බැසිලුයි, බදුර්දීන් සමග එදා අරාබි මුදල් බෙදාගෙන... ඔවුන්ට විල්පත්තු තීරය සින්නක්කර ලියා දුන්නේ නැත්නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැත.
ඇස් ගෙඩි දෙකට හෙනගහලද හාමුදුරුවනේ..!!!
දොළ පිදේනි ලැබුණාම ඔහොම තමයි. මේ හාමුදුරුවෝ ගියාද විනාශය බලන්න... පන්සලට වෙලා ගිල ගිල ඉන්නේ නැතුව රටේ තොටේ මොනවද වෙන්නේ කියලා හොයලා බලලා ප්‍රකාශයක් කළා නම් නරකද? එක එකාට කඩේ යන්නේ නැතුව, ජාති කුල ආගම් පක්ෂ පාට අමතක කරලා රටේ පොදු ප්‍රශ්නයකදී හැමෝම එකතු වෙලා එක තීරණයකට එන්න ඕනෑ. ඒ සමඟිය නැති නිසා තමයි මේ රට මේ තරම් විනාශයකට පත්වෙලා තියෙන්නේ....
මේ අයගේ අතට රුපියල් පන්දාහක් දුන්නා නම්... ඒ කියන්නේ ඒ තරම් පහත් අඩියකට බණ දේශනා කරන හිමිවරු පත්වෙලාද කියන එකද?
සිවුරු කරේ දාගෙන බුද්ධධර්මයට විනකරන නුඹලාත් එක්ක මොන කතාද?
චීවරධාරීන් කියන්නේ මේ ගොල්ලන්ට තමයි.
හිටුවා පස්ගහන්න ඕනේ මේ වගේ අයට. ඇස් පේන්නෙ නැහැ වගේ මෙයාට...
තක්කඩි දේශපාලකයින් මෙන්ම බඩගෝස්තරවාදී, පූජකයින්වත් මේ වනවිටත්, රටේ බුද්ධිමත් ජනතාව හඳුනාගෙන ඔවුන්ව ප්‍රතික්ෂේප කොට හමාරයි. සමහරක් බඩගොස්තරවාදීන්ට අනුව, රටේ පරිසරය හා වන සම්පත විනාශ කිරීම ජාතිය මුල් කරගත් ප්‍රශ්නයක් ලෙස සැලකුවත්, අපට නම් මේ විනාශය ජාතික ප්‍රශ්නයක්... ඒ නිසා, දෙන දෙයක් වලඳලා, කට පියාගෙන ඉන්න බැරිනම්, අඩුතරමේ මිරිස් පැලයක් හෝ සිටුවා මේ මව්බිම වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. අනික මේ වනය කපන්න අවසරය හා අනුමැතිය දුන්නේ, සිංහලයෙක්, කැලය කපන්නේ මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් කොහොමද මේක ජාතිවාදී ප්‍රශ්නයක් වෙන්නේ...?
මෙතන ජාතිවාදයක් දේශපාලනයක් නෑ. පක්ෂ, පාට භේද, ආගම් භේද නොතකා අපි විරුද්ධයි. විල්පත්තු වන සංහාරයට... කට්ටිය වැඩි වුණා කියලා මුළුකැලේම කපලා ඔවුන්ට දෙනවද? එහෙම නම් ෆ්ලැට් එකක් හදලා ගෙවල් දෙන්න...
සර් ජෝන් කීවේ මෙවන් අය ගැනයි...
තල් අත්තට පැනල දුවපු සාවා වගේ කට්ටිය මොරදෙනවා.. ගිහිල්ලම බලන්න...
එතකොට හාමුදුරුවනේ යුද්ධයට ඉස්සෙල්ලා උතුරේ හිටිය සිංහල, මුස්ලිම් අයට ඔය විදියට උතුරේත් පදිංචි කරන්නකෝ.. අර මුහුදු මහා විහාරය අල්ලන්නෙත්, යුද්දෙට ඉස්සෙල්ලා හිටිය කියලද? මම හිතන්නේ ඊටත් ඉස්සෙල්ල ඔහේ හිටියේ වැද්දෝ, එයාලව පදිංචි කළොත් මොකද වෙන්නේ..? අඩුම ගැනේ ගස් ටිකවත් ඉතුරු වෙයි...
යුද්දෙට ඉස්සෙල්ල තිබුණු ජන අනුපාතය නැවත හදනවා නම්, වැල්ලවත්තේ ඉන්න දමිල ජනතාව අයින් කරන්න වෙනවා. මොකද යුද්දේ නිසානේ ඔවුන්ව දකුණේ පදිංචි කලේ. ඊටත් ඉස්සෙල්ලා උඩරට රජ්ජුරුවොනේ... නැගෙනහිර මුස්ලිම්වරුන්ව පදිංචිකලේ පෘතුගීසින්ගෙන් බේරගන්න.. එතකොට ඒ අයවත් වෙන් කරනවද? මඩකලපුවෙන් පන්නපු සිංහල ජනයාව පදිංචි කරනවද? මේකට ජාදිවාදී වෙන්න ඕනේ නැහැ.. අවුරුදු 30ක් ප්‍රදේශ සංවර්ධනය කරන්න.. මේක තනිකරම වන විනාශයක්... ඔය බොරු තර්ක වැඩක් නැහැ.
කැලේ විනාශ කරන බව කීම ජාතිවාදයක් වෙන්නේ කොහොමද උන්නාන්සේ !
මේ කියන විදියට අපේ පවුලේත් දැන් පරම්පරා 2ක් වුනාම අපේ දරු මුණුබුරන්ට කැලේ කපලා ඉඩම් වෙන් කරගන්න පුළුවන් වැඩි වුන පිරිසට කියලා
පොඩි ළමයෙක් වුනත් දන්නවා විල්පත්තුවට වෙලා තියෙන දෙය.
මුස්ලිම්කරණය සාර්ථකව කෙරීගෙන යනවා. එබැව් සිංහලයාට මතක්කර දෙන්න තිබෙන එකම ක්‍රමය සිංහල මාධ්‍යයි.
මාලිකා දරු මුණුබුරන් මුස්ලිම් කරන්නත් ඕනේ..
මේ හාමුදුරුවෝ තොප්පිය ගලවලා තියලනේ.. ෆොටෝ එකට පෙනී හිටලා තියෙන්නේ...! "
අවුරුදු 30 පෙර ප්‍රභාකරන් පන්නපු අය නැවත පදිංචියට ආව නම් එම ඉඩම්වල ඔප්පු තිබේද කියා බලන්න පුළුවන් කපන ගස් අවුරුද 30 වඩා පරණද කියල කාබන් ඩේටින් වාර්තාවකින් බලාගන්න පුළුවන් ආණ්ඩුව මේවා නොකරන්නේ දෙගොල්ලම මේවට සම්බන්ද නිසා විල්පත්තු රකින්න නම් මේ අයට ඡන්දෙ නොදී සිටිය යුතු
කවුද බන් දැහැත් වට්ටියට බාබුල් දැම්මේ???