(විනීතා එම් ගමගේ)
වාලච්වේන කඩදාසි කම්හල වසර විස්සකට පමණ පසු යළි පණ ගැන්විණි.
1990 දශකයේ අගභාගයේ දී වසා දැමුුණු එම කම්හල ඉකුත් රජයේ කර්මාන්ත ඇමතිවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඈවර කිරීමට ද කටයුතු යොදා තිබිණි.
මෙම කඩදාසි කර්මාන්ත ශාලාව සතු යන්ත‍්‍ර සූත‍්‍ර අබලි ද්‍රව්‍ය ලෙස සලකා යකඩ වශයෙන් විකුණා දැමීමටත් එම කැබිනට් පත‍්‍රිකාව මගින් ඉඩකඩ ලබා ගෙන තිබු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කම්හලේ ප‍්‍රධාන යන්ත‍්‍රය මංගල මොහොතින් පණගැන්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එහෙත් එම යන්ත‍්‍ර සූත‍්‍ර මගින්ම යළි නිෂ්පාදනය ඇරඹූ බවත් මේ කම්හලේ නිපදවන කඩදාසි රටේ දරුවන් හා රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවෙන බවත් අමාත්‍යවරයා එහි දී පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව යමින් යළි පණ දිය යුතු බව තීරණය කරනු ලැබූ බවත් ඉකුත් වසරේ ජනවාරි 15 වැනිදා පළමුවරට එම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඊට යළි පණ දිය හැකි යැයි සිතෙන තත්වයක් නොතිබු බවත් හෙතෙම කියා සිටියේය.
ජාතික කඩදාසි සමාගමට පත් කරනු ලැබූ සභාපතිවරයා වූ විමල් රූපසිංහ මහතා ඇතු`ඵ අධ්‍යක්ෂ මණ්ඩලයේත්, දේශීය හා විදේශීය ඉංජිනේරුවන් කිිහිප දෙනෙකුගේත්, නාවික හමුදාවේ ඉංජිනේරු බලකායේ හා යුද හමුදාවේත් සුවිශාල දායකත්වය සමග කර්මාන්ත ශාලාවේ කඩදාසි නිපදවන ප‍්‍රධාන යන්ත‍්‍රය යළි පණ ගැන්වීමට හා එමගින් පරීක්ෂණ මට්ටමින් කඩදාසි නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබූ බව කී අමාත්‍යවරයා යන්ත‍්‍රයේ පවතින ඉතා සු`ඵ අඩුපාඩුකම් මග හරවා ගනිමින් 60 - 200 ජී එස් එම් අගයන්ගෙන් යුත් වාණිජ මට්ටමේ කඩදාසි හා බෝඞ් නිෂ්පාදනය කිරීමට නුදුරේම හැකියාව ලැබෙනු ඇතැයි ද කීය.
මහ මැතිවරණයෙන් පසුව එම ප‍්‍රධාන යන්ත‍්‍රය පමණක් නොව අනෙක් කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය ද පණ ගන්වා ගෙන මෙම කර්මාන්ත ශාලාව විවෘත කොට එමගින් පෙර පරිදි දේශීය වශයෙන් එහි නිපදවූ ෆයිල් කවර හා ෆුල්ස්කැප් කොළ යළි ජනතාව අතට පත් කිරීමට හැකිවේවි යැයි විශ්වාස කරන බව ද අමාත්‍යවරයා කීය.
කම්හල් පරිශ‍්‍රය සතු අක්කර 500 ක භූමිභාගය බහුවිධ සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ද මේ වනවිට ඉදිරිපත් කරනු ලැබු ඇතැයි ද ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඇපයක් සහිතව බැංකු මගින් ඉදිරියේදී රුපියල් මිලියන 800ක ණය මුදලක් මෙම ආයතනයට ලැබෙනු ඇති බවත් වීරවංශ මහතා සදහන් කළේය.
ඒ අනුව එකී බහුවිධ සංවර්ධන ව්‍යාපෘති ද ඇතුළත්ව සිදු කෙරෙන කටයුතු සමග ඉදිරි වසර කිහිපය තුළ ජාතික කඩදාසි සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවට ද හෙතෙම විශ්වාසය පළ කළේය.
කම්හලට අවශ්‍ය විදුලිය සූර්ය බලශක්ති පැනල මගින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද සැලසුම් කරමින් ඇතැයි ද ‘‘මර නින්දකට වැටි තිබුණු ’’ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ හා වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටු කරමින් නැවත පණ ගැන්වෙන දිනය වැඩි ඈතක නොවෙන බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.
1956 දී නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් මෙම කම්හල මෙරටට ලැබී තිබේ.
මෙම මාධ්‍ය හමුවට ජාතික කඩදාසි සමාගමේ සභාපති, විමල් රූපසිංහ, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රුවනි සේනාරත්න, නාවික හමුදා ලූතිනන් ප‍්‍රියංක ජයසිරි යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

COMMENTS
විමල් අයියා හොඳට හොඳයි.. හැබැයි වැඩත් හොඳයි...
ඉතාම හොඳ වැඩක්... හරිම කණගාටුයි කිසිම කෙනෙක් අදහස් මේකට දාපු නැති එක ගැන. දේශපාලන පෝස්ට් එකක් වුණා නම් බලන්න තිබුණා....
ඉතා හොඳ වැඩක්. කඩදාසි වලට පිටරට ඇදෙන මුදල් අඩු කරගන්න පුළුවන් වේවි මේකෙන්. නිෂ්පාදන ආර්ථිකයක් කර ගමන් කරන රටකට හොඳ ලක්ෂණයක්....
මෙම කර්මාන්ත ශාලාව නැවත නිෂ්පාදන සඳහා අවංකවම උත්සාහ කරන්නේ නම් අප නිමල් ගොයියා ඇතුළු දේශපාලුවන්ට හදවතින්ම සුබපතන්නෙමු. එසේ නොමැතිව ළඟඑන "දියවන්නා පට්ටියට‘‘ තෝරන පොරය පෙරදැරි කරගෙන නාටකයන් දේශපාලුවන් සැමටම සාප කරන්නෙමු. මෙම අදහස් 225 ටම කිසිඳු වෙනසකින් තොරව අදාළ වනබවත් දැන්වීමට කැමැත්තෙමු. අපට මේ 225 මෙන්ම කිසිඳු පක්ෂයක් සත පහකට අදාළ නැත.
මෙම කඩදාසි කම්හල 2005 - 2015 අතර කාලයේ මට මතක හැටියට රජයෙන් ආධාර දී නැවත පටන් ගත්තා. ඒ හැමවාරයේම මගේ හිතේ වංචාවන් සිදුවුණා. මහජන මුදල් අපතේ ගියා. මේ පාරවත් සද්භාවයෙන් වැඩේ කෙරෙනවා නම් හොඳයි. දෙවි පිහිටයි.!.
කිරි හරක් ගෙන්වන්න, ලොකුම ක්‍රිකට් පිට්ටනිය හදන්න, ආනයනික බදු වැඩි කරන්න, පළාත් සභා යලි පණ ගන්වන්න, සහල් සීනි ආදියේ මිල වැඩි කරන්න ආදී වශයෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරපු අයත් විමල් ඇමතිවරයාගේ ආදර්ශය ගන්නවා නම් හොඳයි.
හොඳ වැඩවලට අදහස් මදි. මම දැකලා තියනවා සේදවත්තේ ලොකු ගබඩාවක ඉවතලන කඩදාසි එකතුකරලා ඉන්දියාවට යවනවා. දැන් මේ කඩදාසි මෙම කම්මලට ගෙන්නගන්න පුළුවන්. ඉස්සර කිරුලපන ස්ටෆෙර්ඩ් මාවතේ කඩදාසි සමාගමට අයත් ගබඩා දෙකක් තිබුණා. ඒවා එකතුකරන මද්‍යස්ථාන.... එදා කඩදාසි සංස්ථාවේ කඩදාසි වලින් රජයේ මුද්‍රණ සංස්ථාවේ පොත්වල ලියපු අපිට මේ දේවල් නැති වෙනකොට එයට එරෙහිවන්න බැරි වුණා. අපේ රටේ තවමත් ඉන්නවා මේවට එරෙහිවන අය. ඩිස්ලයික් වලින් ඒ බව පේනවා. මේවා රාජපක්ෂ පරම්පරාවේ බූදලයක් කියලා හිතාගෙන විනාශ කරන කට්ටියක් ඉන්නවා. හම්බන්තොට වරාය හා ක්‍රීඩා පිටිය එසේ විනාශ කල දේවල්. සිරිමාවෝ බණ්ඩාරනායක තුමිය එක්ක තියෙන තරහට ඒ රජය සමයේ ආරම්භ කළ සියලුම කර්මාන්ත ශාලා අභාවයට යන්න ඉඩ සැලැස්සුවා...
කැළණි ටයර්, හිඟුරාන සීනි යළි පණගන්වන්න.
විමල් කියන්නේ දේශපාලන වේදිකාවේ ජාතිප්‍රේමය විකුණන කවටයෙක්... හැබැයි මේ වගේ වැඩ කවුරු කළත් අගය කරන්න ඕනේ... ඇඹිලිපිටියේ තව කඩදාසි කම්හලක් තියනවා. මේ දෙක පණ ගහලා ගත්තා නං අපේ රටේ කඩදාසි අවශ්‍යතාවයෙන් 50%ක් විතර සම්පූර්ණ කරගන්න පුළුවන්.
ලංකාවේ ඇතුළතම නිෂ්පාදන කරන එක හොඳ වැඩක්... හැබැයි ඒක කරන්න ඕනෑ නම් සංදර්ශන පවත්වන්න නෙමෙයි. මතක ඇති කාලෙක පටන් අපි ඡන්ද කාලය ළංවෙනකොට අහන දකින දේවලම තවත් එක් දෙයක් තමයි මේ දේවල්.. කන්තලේ සීනි, බොරතෙල් නිධි, කඩදාසි, දියර කිරි.. ඔය විදියට දිග ලැයිස්තුවක්ම තියෙනවා.. සම'හරක්'ට අමතක වෙලා තියෙන c city එකේ දැන් තත්වය මොකක්ද කියලා හොයලා බැලුවොත් විමල් ඇමතිතුමාගේ වැඩ කොහොමද කියලා හිතාගන්න පුලුවන්.. යල් පැනගිය යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණයෙන් එළිදක්වන නිෂ්පාදනයක තත්වය සහ ඒ සඳහා යන වියදම යන දේවලුත් සලකා බලන එක තමයි වැදගත්ම දේ...
විමල් මහත්තයා මීට පෙරත් එතුමා ගත්ත හැම අමාත්‍යාංශයකම මොනවා හරි රටට දැනෙන, ගෙනදෙන වැඩක් කළා. මෙහෙම නැත්නම් මෙතුමාට කොළඹින් රනිල් මැතිතුමාටත් වැඩියෙන් මනාප අරගෙන පාර්ලිමේන්තුවට යන්න බැහැනේ... කණගාටුවට කරුණ නම් සමහරක් දේශපාලන කෝනෙන් බලලා දකින්නෙම එතුමාගේ වැරදි විතරමයි...
රුවනි සේනාරත්න මහත්මියට තවම ඉදිරියට එන්නට වරම් නැතිව ඇති. එකයි පින්තූරේ නැත්තේ... තවමත් ගැහැණිය පිටිපස්සෙන් හෝ මුල්ලකට දමන සමාජයක්...
ඡන්ද ගුණ්ඩුවක් නොවී සද්භාවයෙන් අපේ රටේම කඩදාසි අපිට ඉක්මණින්ම ගන්න ලැබුණොත් මෙතුමා සුපිරියි...
අමාත්‍යාංශ 42 බාරගත්තු ගොයියා මේ කර්මාන්තශාලාව පරණ යකඩ වලට විකුණන්න ගියා මතකද? ඔන්න යහපාලකයන්. රටට අවශ්‍ය කාඩ්බෝඩ්, එක්සයිස් පොත්, ෆුල්ස්කැප් කොළ, රෆ්ඩිමයි කොළ ගැසුවත් මොකෝ...