IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැලිකඩ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ඉල්ලයි

තරිඳු ජයවර්ධන
 
වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමට අදාළ ලේඛණ සහ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, පොලිස්පතිට සහ රහස් පොලිසියට දැනුම් දුන්නේය.

 
කොමිසම එම දැනුම් දීම කළේ මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදීය.
 
පොලිස්පති වෙනුවෙන් පොලිස් නිලධාරී ඩබ්.ඩබ් සෝමසිරි  සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් අධිකාරී නුවන් අසංක, උප පොලිස් පරීක්ෂක ඩ්බ්. ඒ. එස් තිලංක සහ ඩ්බ්. එම්. එම් යසරත්න මහත්වරු ද,  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙනුවට ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක, බන්ධනාගාර නියාමක චමින්ද පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහභාගී වූහ.    
 
මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මේ වන විට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් රහස් පොලිසිය කොමිසමට දැනුම් දුන්නේය.
 
බන්ධනාගාරය සෝදිසි කිරීමට විශේෂ කාර්ය බළකාය කැඳවූයේ කවුරුන්දැයි කොමිසම කළ ප්‍රශ්න කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි මහතා එය සිදු කර ඇති බවයි. 



අදහස් (1)

වැලිකඩ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ඉල්ලයි

පිටිගල මිලානෝ Tuesday, 10 April 2018 12:04 AM

මෙතන කුඩු සහ කඩු ප්‍රශ්නයක් තිබුනාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site