(ඩයනා උදයංගනී)
අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රයේ වෘත්තීය සමිති අනිද්දා (26) දිනයේදී වැඩවර්ජනයන නිරත වුවත් එයින් පාසල්වල වාර විභාග කටයුතුවලට බාධාවක් වීමට ඉඩදෙන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
දරුවන්ට ආදරේ කරන , දෙමාපියන්ට ගරු කරන ගුරුවරුන්ට වාර විභාගය අඩපණ කළ නොහැකි බව කී අමාත්‍යවරයා එවැනි බොහෝ දෙනෙක් එදින සේවයට වාර්තා කරන බව දැනුම් දී ඇතැයි ද කීවේය.
වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙනුවෙන් විභාග පවත්වන දින කල්දැමීමේ හැකියාවක් නැතැයි කී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රවලට විභාග පැවැත්වීමට නොහැකි බව ද සඳහන් කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රයේ පත්වීම් ලබාදීමේදී වරදක් සිදුව ඇත්නම් ඊට විරුද්ධව අධිකරණයට නොයා දරුවන්ගේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් වැඩ වර්ජන කිරීම පිළිකුලින් හෙළා දකින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
වෘත්තීය සමිතිවලට වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් ඇතත් එයින් පටු දේශපාලන උවමනා ඉටුකරගැනීමට උත්සාහ කිරීම වරදක් බව කී අමාත්‍යවරයා ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් එය දරුවන්ගේ ජීවිත මතින් නොව වෙනත් ක‍්‍රමයකින් කරන ලෙස තමන් ඉල්ලා සිටින බව කීවේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාසල්වල දෙවැනි වාර නිවාඩුවට පෙර වාර විභාග පවත්වා දරුවන්ට එහි ලකුණු ලබා දිය යුතුව තිබියදීත් පටු දේශපාලන අරමුණු ඇති කුමන්ත‍්‍රණකාරී පිරිසක් පාසල් පද්ධතිය අඩාල කිරීමට උත්සාහ ගන්නා බව කී අමාත්‍යවරයා එය ඉතා අසාධාරණ බව ද මෙහිදී පැවසීය.
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු ඇතැම් පිරිස් පාසල්වලට ගොස් වැඩවර්ජනය යොදාගෙන ඇති දිනයේදී සේවයට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට බලපෑම් කරන බවට පැමිණිලි රැසක් පොලීසිවලට ලැබී ඇතැයි කී අමාත්‍යවරයා කලාප අධ්‍යක්‍ෂවරු සහකාර අධ්‍යක්‍ෂවරුන්ට බලපෑම් කළ සිදුවීම් ගැන ද පැමිණිලි තිබෙන බව කීවේය.
පාසල් ආවොත් අසූචි ප‍්‍රහාර එල්ල කරන බවට පවා නිලධාරීන් ගුරුවරුන්ට පවසා ඇතැයි කී ඇමතිවරයා තමන්ට වෘත්තීය ක‍්‍රියාමාර්ග ගත හැකි නමුත් වෙනත් අයට බලපෑම් කළ නොහැකි බවත් එවැනි බලපෑම් කරන නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා බවත් කියා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාර විභාගවලට බාධාවක් වෙන්න දෙන්නේ නෑ - අධ්‍යාපන ඇමති