(රංජන් කස්තුරි )
අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ අද (20) අනතුරු 07 ක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම අනතුරුවලින් 5 ක්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු අනතුරු වේ.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කොටසේදී ජීප් රියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටේ ගැටීමෙන් එහි ගමන්ගත් කුඩා දරුවකු ඇතුළු 4 ක් තුවාල ලැබු බවද එම කුඩා දරුවා සහ කාන්තාවක් නාගොඩ රෝහලට ඇතුළු කළ බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේග සීමා දැක්වෙන ඩිජිටල් පුවරු වැඩිපුර තියනවා නම් ඔහොම වෙන්නේ නැහැ නේද?
පාර දිගටම වතුර තට්ටුවක් එකතුවෙලා තියෙනකොට පැයට කිලෝමීටර් 80ට වඩා වේගයෙන් ගමන් කරන වාහනයක ටයර් එකත් පාරත් අතර තුනීවට ඝන වතුර තට්ටුවක් හැදෙනවා. ඊටපස්සේ වාහනය ගමන් කරන්නේ අයිස් තට්ටුවක් උඩින් ලෙස්සල යනවා වගේ... කිසිම ස්ටියරින් හා බ්රේක් කොන්ට්‍රෝල් එකක් නැතුව...
ගෙවිච්ච ටයර් එක්ක 100, 110 හෝ ඊටත් වැඩි ස්පීඩ් වලට වැස්සේ යනකොට ඔහොම වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.
ජගත්, ඩිජිටල් පුවරු තියෙන්නම ඕනේ නෑ. වාහනේ පදවන මනුස්සයා දැනගන්න ඕනේ අවට තත්ත්වේට අනුව තමන්ගේ වාහනේ වේගය පවත්වා ගන්න