(මනෝප‍්‍රිය ගුණසේකර)
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1 / 2 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අගොස්තු මස 06 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන බාරදී ඇතැත් එම ලේඛන පරීක්‍ෂා කිරීම සඳහා කල් අවශ්‍ය බව කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා අද (16) කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/ 2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට බාරදිය ලේඛණ පසුගිය නඩු දිනයටත් කලින් ඔවුන්ට බාර දී ඇතැයි කීවාය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබිය යුතු සියළු ලේඛන ලබාදී ඇතැත් එම ලේඛන පරීක්‍ෂා කිරීම සඳහා තමන්ට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
COMMENTS
ආ.. ඇත්තද? කොහොමත් ඉතින් ඕවා මේ ආණ්ඩුව පෙරලිලා තව එයාලගේ ආණ්ඩුවක් එනකන්ම කල් යාවි. ඊට පස්සේ චෝදනා බොරු කියලා නිදොස් කොට නිදහස් කරාවි.
මීට පෙර නඩුව කැඳවනු ලැබුවේ කවදාදැයි බලමුද? ඊට, අගෝස්තු මාසය තෙක් මාස තුන එකතු කළ විට යථෝක්ත ලේඛන පිරික්සීමේ කාලය හිතා ගනිමු. නීතීඥතුමාගේ කෙරුවාව කොහොමද කියලත් හිතා ගනිමු. තව දෙතුන් වතාවක් කල් ගියොත් වැඩේ ගොඩම තමයි. යහපාලනය වලපල්ලටම තමයි. මේ ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වභාවයයි කියල තමයි හිතෙන්නේ.
ඉවරක් වෙනකල් නඩු අහන උසාවිවලට මේ නඩු එන්නේ බැඳුම්කරේ ඉවරක් කළාට පස්සෙද? එතකොට පෝය දෙක ගෙවෙයි දන්නේම නැතුව.
පව්, තව ටිකක් ඊළඟට හම්බ කර ගනීවි. අලියෙකුත් ගනීවි. අවුරුදු 12ක් යන තෙක් වාහන දෙන්න එපා..!!!
අර සුගන්ධිකා අධිකරණය ගැන හෙළිකරන ඒවා අහනවිට පුදුම හිතෙනවා..
මොන කෝටි හතාමාරද? ඒ දවස්වල මෙයාගේ දුගී නෑයින්ගේ ගෙවල්වල තිබුණේ කෝටි ගණන් වටිනා වාහන. නෑයන්වන වඩු බාස්ලා, මේසන් බාස්ලාට අරන් දුන්නේ කොළඹින් තට්ටු තුන හතරේ ගෙවල්. පවුල් වල බෝහෝ දෙනාට දී තිබුනේ රජයේ වාහන... ඇත්තටම මේ රජයත් මේවා හරිහැටි සොයා මොවුන්ට නිසි දඬුවම් ලබාදී නැහැ. මොවුන්ගේ වත්කම් රාජසන්තක කර ජනතාවගේ බදු මුදල්, බඩු මිල අඩුකළ යුතුයි. හොරකම් වලට සම්බන්ධ අනෙත් අය යහතින් නිදැල්ලේ සිටිනවා. රහස් පොලීසිය යොදවා ඔවුන්ගෙන් තොරතුරු ගතහොත් රට නොදන්නා බොහෝ දේ එළිවේවි !!!
ඒවා කල් නොදා කොහොමද? යහපාලනය ඒ ගොල්ලන්ට මිස ජනතාවට නොවේ.
මාස තුනකට සැරයක් නඩුව කැඳවන්නේ නඩුවාර විස්සක් ගියොත් නඩුව අහලා ඉවර කරන්න මාස හැටක් ගතවෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක්... එතකොට ඊළඟ ආණ්ඩුව ඇවිත් ඒ ආණ්ඩුවේ විමල් වීරවංශ ඇමතිකෙනෙක් වුනොත් නඩුවට අබ සරණයි.
මොහු ඉස්සර කතාව පටන්ගන්නේ මට ෆුට් බයිසිකලයක් ගන්න රුපියල් 100 ක් වත් තිබුනේ නැහැ කියලයි .. එහෙව් පුද්ගලයා සුළු කාලයකදී කෝටිපතියෙක් වෙලා ? මොහු කියනවානම් සාධාරණ ලෙසයි පොහොසත් වුනේ කියා එහෙම පොහොසත් වෙන ක්‍රමය කියල දෙනවනම් දුප්පත් කම සුනේ සුන් ..
මේ නඩු කව දාවත් අහන්නේ නැත් නම් ජනතාවගේ මුදල් තවත් නිකම් අනිවාරතේ වියදම් නොකර මිනිසුන්ව නිදහස් කර දමන්න. ලංකාවේ අධිකරණය ගැන විස්වාසයක් තැබීම අපහසු බව පෙනෙනවා.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහත්මා, නීතීඥ සුගන්ධිකා ෆ්රනාන්දු මහත්මිය මෙම අධිකරණ ක්‍රියාවලිය ගැන පැවැත්වූ දේශනයට සවන් දෙමු. මේක මගේම රටදය් හිතාගන්න පුළුවනි. අපසියලුදෙනාම අවදියෙන් සිටිය යුතුයි. ස්තුතියි.
කල් යනවා කියලා අහලම ඇති වෙලා. නඩුව ගන්න පුළුවන් දාට විතරක් කතා කරලා ඉවර කරා නම් ඉවරයි නේ. මිනිස්සු රවට්ටන වැඩ. නඩු කල් දාන එක හරිම විහිළුවක් වෙලා. ඇයි උසාවි උදේ හවස තියලා නඩු ඉවර කරන්න බැරි.
බාලගිරි දෝෂයද?