
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්මත වීමෙන් පසු එක රටක නීති දෙකක් ඇති වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී අද (19 )පැවසීය.
මිනිස්සු පාරවල්වල මැරෙන මේ මොහොතේදී ඒ ප්‍රශ්නය විසඳීමට මුලින්ම කටයුතු කරන්නැයි තමා පාලකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ අවශ්‍යතාවය කුමක්දැයි අද පැහැදිලි බවත් පෝට් සිටියේ අක්කර සිය ගණනක් චීනයට සින්නක්කරව යන්න ගිය අවස්ථාවේදී එය යහපාලන රජය වැළැක්වූ බවත් ඔහු පැවසුවේය.
මේ පනත් කෙටුම්පතට විරුද්ධත්වය පළ කරන බවද මන්ත්‍රීවරයා කීය.
අලවතුවල මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා ඒ පළාත් සභාවට වෙනමම නීති හදාගන්න ඉඩදුන්නා වගේ වෙනවද.?
දැනටමත් නීති කීයක් තියෙනවද? දේශපාලකයින්ට එකක් අහිංසක මිනිස්සුන්ට, එකක් මුස්ලිම් අයට.... තව එකක් ආවම මොකද වෙන්නේ...?
දැනටමත් නිදහස් වෙළෙඳ කලාප වල තියෙන්නේ වෙනස් නීති තමයි. ඔය හොඳට දුවන්නේ.