IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වරාය නගර පනත් කෙටුම්පත විවාදය 19 සහ 20

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(13)තීරණය කළේය.

මෙයට අමතරව පාර්ලිමේන්තුව ලබන සතියේ දින තුනක් රැස්වීමටද  එම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 18, 19 සහ 20 යන දිනවලදී රැස් වනු ඇත.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර ආණ්ඩුවේ පක්ෂ නායකයන් එම ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කර ඇත.

පාර්ලිමේන්තුවේදී ලබන 18 වෙනිදා අඟහරුවාදා මුදල් හා බදු පනත් කිහිපයක් විවාද කර සම්මත කර කරගැනීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13)පස්වරුවේ රැස් විය. 



අදහස් (0)

වරාය නගර පනත් කෙටුම්පත විවාදය 19 සහ 20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site