
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය .
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව ඊට ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය .
ඔහු මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමිනි.
COMMENTS
සමහර අයට නොහැකි වෙනකොට මොලේ අඩු වෙනවා. මේ මනුස්සයා කොහොම හරි මේක චීනාට දෙන්නම තමයි දඟලන්නේ... කාලකණ්ණී..
මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ.. ලංකාවේ කෑල්ලක් චීනාට දීලා තමයි පස්ස බලන්නේ..
දැන් ඔහේට චීන්නු පත් කරන්න ඕනෑකම තිබුණත් ඒක කරන්න බැහැනේ. අධිකරණය නියෝග කරේ බහුතරය ශ්‍රී ලාංකිකයන්ව පමණක් පත් කරන්න කියලා නේද?. දැන් අපි බයේ ඉන්නේ චීන්නුන්ට කත් අදින චීන ව්‍යාපෘතිවල වැඩ කරන චීනෙන් පඩි ගන්න මහනුවර බැල්කනියෙන් වැටිලා කකුල කඩාගත්තා ඇමතිතුමාගේ දුවවයි, කොළබ දිස්ත්‍රික්කයෙන් පත්කළ මන්ත්‍රී නාමල්ගේ උරහිසේ අත්දෙක තියාගෙන සෙන්ට් කිට්ස් දිවයිනට ගිහින් කෝච්චි සෙල්ලම් කරපු ඇමතිතුමාගේ පුතාවයි ඔය නගර කොමිසමට ඔහේලා පත් කරයි කියලයි. එතකොටත් චීන්නු බහුතරයක් පත් කරා වගේ තමයි. පව් අපේ මිනිස්සු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේ පාර්ලිමේන්තුව තුළ කෙරෙනා බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම රජයක් ලැබූ විශාල පරාජයක් නොවේද? ව්‍යවස්ථාව හදන තැනම එය උල්ලංඝනය කෙරේ නම්, තවත් කතා කුමටද?
ඔව්, ඔව් අපිට ඕනේ ගොට්ටන්ව පත්කර ගන්නයි.
ලංකාවේ පුරවැසිකම තියෙන චීන්නු ටිකක් පත්කරමු. සරලයි..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේවල් ඇතුළත් කරලා සම්මත කරගන්න හැදුවේ රටට තියෙන ආදරේ නිසා වෙන්න ඇතිනේද? අපි දන්නේ නැද්ද මේ ගොල්ලන්ගේ වැඩ කිඩ...? දවස් තුනෙන් තීන්දුවක් අරගෙන හමුදා මූලස්ථාන ඉඩම බණ්ඩාරනායක පිළිරුවත් එක්ක සින්නක්කර වික්ක දේශප්‍රේමී නායකයින්නේ මේ ගොල්ලෝ... මේ පත්තරේ පළවෙන දේශපාලනයට සම්බන්ධ වාර්තාවලට දක්වා ඇති ප්‍රතිචාර කියවනවා නම් බබෙකුට වුණත් තේරුම් ගන්නට පුළුවන්. අද රටේ පොදු ජනතාවගේ මතය කොයි පැත්තටද හැරිලා තියෙන්නේ කියලා. ඒ පිරිස අතරේ අනිවාර්යයෙන්ම අර 69 ලක්ෂයේ බහුතරයකුත් ඉන්න බව තේරුම් ගත්තොත් හොඳයි අගමැතිතුමෝ... අර වශීකෘත සුන්දර සිනහව සහිත තෙල් බේරෙන පරණ ෆොටෝෂොප් පින්තුර නැතුව අලුත් පින්තුර පලවෙන්නත් පටන් අරගෙන ඔන්න.
ඔබතුමන්ලා මේ රටට කළ හැකි මහා අපරාධය කරන බව පැහැදිලිය. රටේ අනාගතය විනාශ වන විට ඔබ ද අපද එතැන නැත. ඔබට පෙර නායකයෝ රටේ අනාගතය ගැන සිතා නීති-රීති සම්පාදනය කරමින් රටේ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුවා නම් ඔබ වැනි දේශපාලකයින්ට මේ රටේ අනාගතය විනාශ කළ නොහැක. ඔබේ සහ චීන නායකයා අතර වෙනසක් ඇත. චීනා අනාගතය ගැන සිතයි, ඔබ අනාගතය කියන්නේ කුමක් දැයි කියාවත් නොදනියි. ඔබ ඔබ ගැන සිතන විට, චීනා චීනය ගැන සිතයි! - රටේ අනාගතය විනාශ කරන දේශපාලකයින්ට සාප වේවා!
ඔය කියනවා ඇත්තේ තමුන්ට කඩේ යන අය ගැනයි, පවුලේ හතර වරිගෙම ඉන්න අය ගැනයි වෙන්ඩ ඇති. දැනටමත් ගෙදර ,බල්ලෝ ,පූසෝ හැරෙන්න වැඩි හරියක් ඉන්නේ තමුන්ගෙම උදවියනේ.