IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කඩිනම් කරයි

(විනීතා එම් ගමගේ)

වරාය නගරයේ පාලම් දහයක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ලබන වසර ඇතුළත එම පාලම් දහය ඉදිකර අවසන් කරන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවැසීය.

මෙම පාලම් දහය ඉදිවන්නේ කොළඹ නගරය මැදින් ගමන් කරන මුහුදු ඇල හරහා වන අතර මීටර් 80 ක පළලින් යුත් කිලෝමීටර් තුනක් පමණ දිගැති මෙම ඇල මාර්ගය කොළඹ වරාය නගරයට අලංකාර බවක් ගෙන දෙයි.  එමෙන්ම එම ඇල මාර්ගය වරාය නගරයේ ජල බැස්මට හා ඉංජිනේරුමය අවශ්‍යතාවයන් සඳහා ද මෙම ඇල මාර්ගය යොදාගැනීමට සැළසුම් කොට ඇත.

මෙහි පාලම් පහක් පදිකයින් සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි පාලම් පහ රථවාහන සඳහා වෙන්කර ඇත. මීටර් 80 සිට මිටර් 130 දක්වා විවිධ දිගවලින් සමන්විත වන අතර පාලම්වල පළල මීටර් 4 සිට මීටර් 42 දක්වා විවිධ පළලින් සමන්විත වේ.

මෝටර් රථ වාහන සඳහා වෙන්කර තිබෙන පාලම් කොන්ක්‍රීට්වලින් ඉදිකරන අතර මගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන පාලම් යකඩවලින් නිර්මාණය වෙමින් පවති.

මෙම වරාය නගරය මැදින් ගමන් කරන මුහුදු ඇල මාර්ගයේ මගී ප්‍රවාහන යාත්‍රා යෙදවීමටත් සැළසුම් කර තිබෙන අතර ජල ක්‍රීඩාවල යෙදෙන කුඩා සැහැල්ලු යාත්‍රා ද මෙහි යොදවන බව ද ලේකම්වරයා කීය.

හෙක්ටයාර් 269 ක බිම ගොඩ කිරීමෙන් පසු එහි අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා අදාල ඉදිරිකිරීම් කටයුතු කරගෙන ඉක්මණින් කරගෙන යාමට පියවර ගනු ලැබුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවැසීය.

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කඩිනම් කරයි

wedage Wednesday, 08 July 2020 03:23 AM

කඩිනම් කිරීම ශ්‍රී ලංකාවට භයානකයි..

:       0       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site