IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වරාය නගරයට එරෙහි පෙත්සමට මූලික විරෝධතා තුනක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ  (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව මූලික විරෝධතා තුනක් නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණය හමුවෙහි ගොනු කළේය.

එම විරෝධතා පිළිගෙන මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ  කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ඇතුළු රජයේ පාර්ශවයේ කිහිප දෙනකු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මෙම මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම මූලික විරෝධතා ගොනු කරනු ලැබුවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම මඟින් අවශ්‍ය පාර්ශවයන් වගඋත්තරකරුවන් ලෙස නම් කර නැති බව පළමුවැනි මූලික විරෝධතාවය ලෙස මෙහිදී ඉදිරිපත් විණි.එසේම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර බොහෝ කාලයක් ඉක්මවා ඇති බැවින් දැන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකි බව දෙවැනි විරෝධතාවය විය.

එසේම එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පාරිසරික ඇගයුම් වාර්තාවේ පාර්ශවයන්ට විරෝධතා ගොනු කිරීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු නොකිරීම යන්න නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තෙවැනි විරෝධතාවය විණි.

මෙම විරෝධතාවන් පිළිබඳ කරුනු වැඩිදුර සලකා බැලීම ලබන අගෝස්තු 08 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ අතර ඒ සම්බන්ධ ප‍්‍රතිවිරෝධතා ගොනු කිරීම එදින සිදුකරන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.



අදහස් (1)

වරාය නගරයට එරෙහි පෙත්සමට මූලික විරෝධතා තුනක්

ach-cha-ru Saturday, 15 July 2017 05:15 PM

ලංකාවෙද මෙච්චර කල් හිටියේ? පොඩ්ඩක් කල්පනා කරන්න ඕකට අවශ්‍ය කලුගල් ගේන්නේ කොහෙන්ද කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site