( සමන් විජය බංඩාර)
මහන්තේගම මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා කොළඹ නුවර පාර මාවනැල්ලෙන් අවහිර කරමින් පැවති විරෝධතාවයෙන් අනතුරුව එම මාර්ගය සැදීම සදහා රුපියල් ලක්ෂ 86ක් වෙන් කර ඇති බව රඹුක්කන විධායක ඉංජිනේරු රොෂාන් වික‍්‍රමසිංහ මහතා අද (15) මාධ්‍යයට පැවසිය.
“පසුගිය කාලේ අපදා කළමණාකරණ ගං වතුර ආධාර වෙනුවෙන් ලැබුණු මුදල් වගයක් තිබෙනවා. එයින් ලක්ෂ 86 ක මුදලක් මේ පාර සැදිමට වෙන් කර ගැනිම සඳහා දිස්ත‍්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතාද දැනුවත් කර තිබෙනවා.
පළාත් සභා පාරක් වන මේ පාර එම මුදලින් මාසයක් ඇතුළතදි පමණ අපි ටෙන්ඩර් කැඳවා අවශ්‍ය වැඩ පටන් ගැනිමට කටයුතු කරනවා. විරෝධතාවය පැවැති අවස්ථාවේ ජනතාවට මෙ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරිමට මා එහි ගියත් බොහෝ දෙනකු නොසන්සුන්කාරි ලෙස හැසිරුනා.නමුත් එතන හිටපු සමහර දෙනා මේක පිළිගත්තා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවතට අනුව මේ විරෝධතාවය කරන කොටත් සල්ලි වෙන් කරලා තිබිලා තියෙනවා. එහෙම නම් විරෝධතාවෙන් පසු සල්ලි වෙන් වුනා කියන එක වැරදියි. ඒක යම් දේශපාලන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්.
පොඩි දේටත් උද්ගෝෂණ කරමින් මාර්ග අවහිර කරනවා. කලින් ආණ්ඩුව කාලේ වතුර ඉල්ලලා උද්ගෝෂණ කරපු රතුපස්වල අයට වුන දේ කාටත් අමතක වෙලා.
අඬන්න ඕනේ කිරි එරෙන්න නම්...