(ඩබ් ඒ පියතිලක)
හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා නිත්‍යනූකුල නැතැයි පවසමින් අද (2) පැවැති පළමු සභාවාරයේදී මන්ත්‍රිවරු කළහකාරී ලෙස හැසීරිම හේතුවෙන් සභාව 28 වැනි දා තෙක් කල් දැමීමට සිදු විය.
සභාපතිවරයා ලෙස තේරීපත් වු ඩි ආර් උඩවත්ත මහතාට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු කළුපටි සහ වෙස් මුහුණු පැළැඳ සභාවට පැමිණ සභාව තුළ කළහකාරි ලෙස හැසිරිම හේතුවෙන් සභාව පැය භාගයකට කල් දමා නැවැත ආරම්භ කළත් නැවැතත් සභාපතිවරයා සහ සභාවත් සභාවේ න්‍යාය පත්‍රයත් නිතිරෝධි බව පවසා මන්ත්‍රීවරු කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සභාපතිවරයාට සිදු විය.
සභාපතිවරයා සභාව අමතන අතරතුර සභාපතිවරයාගේ සභාපති අසුන ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් ඔසවාගෙන සභාවෙන් එළියට රැගෙන ගිය අතර පොලිසිය මැදිහත් විමෙන් නැවැත සභාපති පුටුව සභාපතිවරයාට ලබා දිමට කටයුතු කළේය.
මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඩි ආර් උඩවත්ත මහතා සඳහන් කළේ මෙවැන්නකි.
‘මම නිත්‍යානුකුලව පසුගිය 6 වැනි දා උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය ඉදිරිපිට ඡන්ද 18ක් ලබා ගනිමින් පත් වු සභාපති. නමුත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කියනවා නිත්‍යනූකූල නෑ කියලා ඒක එහෙම වෙන්න බෑ. කොමසාරිස්වරිය ඉදිරිපිට තොරා පත් කරගත් සභාව සහ සභාපතිවරයා ඇතුළු නිල මණ්ඩලය නිත්‍යනුකුල බව පවසා ගැසට් පත්‍රය පවා පළ කරලා තියෙන්නේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් හුදී මහජන ප්‍රශ්නයක්.
ගම හදන්න වෙස් මුහුණු බැඳගෙන කෝලම් නටන්න නැතුව බැහැනේ, ඔය කෝලම්කරයෝ ටික පත්කරලා එවූ ප්‍රබුද්ධ ජනතාවට අපේ ගෞරවය.