( ඉන්දිකා රාමනායක)
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක විරෝධතාවක් හේතුවෙන් පුරහල හා අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තද බදයක් හටගෙන ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනධ්‍යන සේවකයෝ මෙම විරෝධතාව අරඹා තිබේ.
විරෝධතා පාගමන නිදහස් චතුරඝ්‍රයේ සිට පුරහල ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන් ගත්හ.
විරෝධතාකරුවෝ වෝඩ් පෙදෙස අවහිර කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙන අතර මාර්ගයේ එක් මං තීරුවක් මේ වන විට වසා දමා ඇත.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



(වීඩියෝ - ප්‍රින්ස් රත්නායක)
COMMENTS
මේ ඔක්කොම රැකියා අතහැරා ගියා සේ සලකලා කොන්ත්‍රාත් පදනමට කාට හරි ඔය සේවාව බාරදුන්නා නම් මොන කරදරයක් වත් නැහැ. රටට හොඳයි. ඔවුන් කරන මහදෙයක් නැහැ. 1980 ජේ. ආර්. කළ දේ හරියටම හරි...
විශ්ව විද්‍යාලේ මුලින් බැඳුණු 8ත් පාස් නැති සුළු සේවකයින්ට Rs. 45,000ට වැඩිය ගන්නවා. කට්ට කාලා කැම්පස් ගිය කෙල්ලෝ, කොල්ලෝ ගුරුපත්වීම් ලබාගෙන Rs. 32500 වඩා... විශ්ව විද්‍යාලවල ඉන්න බොහෝමයක් 90% ලැබෙන වැටුපට වැඩ කරන්නේ නැහැ. මම එය හොඳටම දන්නවා.