(පස්වරු - 5.45) - තරිඳු ජයවර්ධන,සිතුම් චතුරංග,සිරාජ් හසීම් සහ රොමේෂ් මධුශංක)
යාපනය විද්‍යා දැරිය ඝාතන සිද්ධියට වැරදිකරුවන් වූ හත් දෙනා මීට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යනු ලැබීය.
(පස්වරු - 2.00) - තරිඳු ජයවර්ධන
විද්‍යා ඝාතන නඩුවේ 4වැනි හා 9වැනි සැකකරුවන්ට රුපියල් 70000ක දඩ සහ අනෙක් සැකකරුවන් පස් දෙනාට රුපියල් 40000බැගින් දඩ නියම කෙරිණි. ඊට අමතරව වැරදිකරුවන් හත් දෙනාටම රුපියල් මිලියනය බැගින් වන වන්දියක් විද්‍යා දැරියගේ මවට ගෙවන ලෙස නියෝග කෙරිණි.
(පස්වරු 1.50) - තරිඳු ජයවර්ධන/ සිතුම් චතුරංග
නඩුවේ වැරදිකරුවන් බවට පත්වූ 7දෙනාටම බරපතල වැඩ සහිතව වසර 30 බැගින් සිර දඬුවම් නියම කෙරිණි.
COMMENTS
හොඳ දඬුවමක්. විකාර මිනිස්සු තමයි.
එතකොට මෙයාලට ආරක්ෂාව දුන්න දේශපාලිකාවක් හිටියා නේද? එයාට මුකුත් නැද්ද?
දුවගේ/සහෝදරිගේ ජිවිතේ රටේ අනාගතේ බාරගන්න හිටිය කෙනෙක් වන්දියෙන් පිරිමහන්න පුළුවන්ද?
එතකොට අපරාධ, ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් වලට මරණ දඬුවම් නැද්ද? එහෙම නම් ළඟදි තවතවත් දේවල් දැකිය හැකිය.
මේ වගේ අයට අාරක්ෂාව නොවෙයි දෙන්න ඕනෑ. පාර දිගට ගල් ගහන්න ඕනෑ..
මේ අයත් බන්ධනාගාර රෝහලට යවයිද?