(නිමල කොඩිතුවක්කු)
රටපුරා සිදුකරන වර්ජන රැල්ල පිටුපස ඒකාබද්ධ විපක්ෂය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවසීය.
රට අරාජික කරමින් ආන්ඩුව කෙරෙහි ජනතාව බිඳ වැට්ටවිම මෙහි උපක‍්‍රමය බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ ජාතික රජයට වසර 03ක් උදාවෙන මොහොතේදි අපි එය සමරන්නත්, එම කාළය දෙස ආපසු හැරි බලන්නත් රජයක් ලෙස අපි කටයුතු කරනවා. එදාට වඩා අද ඔබට, ඔබේ පවුලට, රටට හොදයිද කියන ප‍්‍රශ්ණය අපි අහනවා. එම ප‍්‍රශ්ණයට ඔව් කියළා පිලිතුරක් ලැබෙනවනම් මේ රජය සාර්ථකයි.
එදාට වඩා අද හොඳයිද කියන ප‍්‍රශ්ණය අපි අහද්දි මාධ්‍යවේදීන්ට මේ ප‍්‍රශ්ණය තේරෙන්නේ එක විදියකට, වෘත්තිකයට පේන්නේ තවත් විදියකට, වැඩකරන කම්කරුවට, ගොවියට, ධිවරයට පේන්නේ තවත් විදියකටයි, දේශපාළඥායන්ට, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්ට තේරෙන්නේ තවත් විදියකටයි. ඒ වගේම රජයේ සේවකයන් ඇතුලූ අනිකුත් අයට තේරෙන්නේ තවත් විදියකටයි.
රටක මාධ්‍ය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධානතම කුලූනක්. ඒ නිසා මාධ්‍යයට සුවිශේෂි තැනක් හිමිවනවා. අපි මෙම වසර තුන ඇතුළත සම්මත කරගත් 19 වන ආණ්ඩුක‍්‍රම වයවස්ථා සංශෝධනය හරහා තොරතුරු දැනගැනිමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කලා. එය අපි ලබපු ජයග‍්‍රහණයක්.
ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබද තියෙන රහස් තොරතුරු හැරෙන්න ඕනැම රාජ්‍ය ආයතනයක තියෙන ඕනෑම තොරතුරක් දැනගැනිමේ අයිතිය අද මාධ්‍යවේදියාට තියෙනවා. එදාට වඩා ඒක හොද නැද්ද කියලා අපි මාධ්‍යවේදීන්ගෙන් අහනවා.
අද මේ රටේ රාජ්‍යකරණය තුළ මේ ඇතිවෙලා තියෙන විනිවිද භාවය මේ රටේ මාධ්‍ය සහ පුරවැසියා දිනා ගත්ත ප‍්‍රධාන අයිතියක් වනවා. ඒ නිසා 2014 රාජපක්ෂ පාළනය තිබුනට වඩා මාධ්‍යකරුවන්ට, රටේ ජනතාවට අද හොදයි.
එදා මාධ්‍යකරුවන්ව මරලා දැම්මා. ලසන්ත වික‍්‍රමතුංගව ඝාතනය කලා. උපාලි තෙන්නකෝන්ට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල වුනා. පෝද්දල ජයන්තගේ කකුල් කඩලා සදාකාලික අබ්බගාතයෙක් කලා. නේෂන් පුවත්පතේ කීත් නොයාර් පැහැරගෙන ගිහින් වධ හිංසා දිලා මරන්න ඔන්න මෙන්න තියෙද්දි කතානායක කරූ ජයසූරිය මැතිතුමා මහින්ද රාජපක්ෂ මහතාට කථා කරලා එතුමන්ව බේර ගත්තා.
මේ දවස්වල මහින්ද රාජපක්ෂ මහතාට මේ ගැන කටඋත්තරයක් දෙන්න වෙලා. මේ රටේ දේශපාලනය තුළ ඇති නැති සියලූ දෙනා රටේ නීතියට යටත් වනවා. ඒ නිසා පොලිසියෙන් කටඋත්තරයක් දෙන්න ඕන කිවුවම කට උත්තරය දෙන්න ඕන.
කීත් නොයාර් පැහැරගෙන ගිහින් මරන්න උත්සාහ කරපු කණ්ඩායම පිළිබඳ පාළනයක් දැනුමක් මහින්ද රාජපක්ෂ මහතාට තිබුනා කියළා දැන් අපිට පැහැදිළියි. ඒ නිසා කීත් නොයාර්ව මරපු නැති එක ගැන අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේ ස්තූතිය පුද කරනවා.
මාධ්‍යවේදීන්ට ගුටිකන්න, මැරුම් කන්න රට දාල යන්න සිද්ද වුනේ රාජපක්ෂ පාළණය නිසයි. මේ අවුරුදු තුනට කිසිම මාධ්‍යවේදියෙක් ගුටිකෑවෙත් නැහැ. මැරුනෙත් නැහැ. ඒ නිසා මාධ්‍යකරුවන්ට එදාට වඩා අද හොදයි.
මේ මාධ්‍ය කෙරෙහි තිබෙන රාජපක්ෂ රෙජීමයේ ආකල්පය තවමත් තියෙනවා. මේ රටේ තිබෙන ප‍්‍රමුඛතම මාධය ආයතනයකට ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවක් වාර්තා කිරිමට පසුගියදා ඉඩ දුන්නේ නැහැ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? මාධ්‍ය නිදහසද කියලා අපි ඒ අයගෙන් අහනවා.
මේ අය විපක්සයේ ඉන්න විට මෙහෙමනම් ආණ්ඩු බලයක් ආවොත් කොහොම හිටිද කියලා අපි අහනවා. මේක තමයි මේ රටේ පුරවැසියොත් මාධ්‍යයත් තේරුම් ගත යුතු දේ.
අපේ රජය මාධ්‍යයට ලබා දුන් නිදහස මාධ්‍ය ලබාගත් ජයග‍්‍රහණයක්. 2015 අපි ලබාගත් ජයග‍්‍රහණය පිටුපස් මේ රටේ මාධ්‍ය කරුවන් හිටියා. ඔවුන්ට වෙනසක් අවශ්‍ය වෙලා තිබුනා.අපි මේ රටේ මාධ්‍ය කරුවන්ට නිදහස ලබාදිලා තියෙනවා. ඒ මාධ්‍ය නිදහස නිසි ලෙස භාවිතා කරමින් සත්‍ය වාර්තා කරන එක තමයි ඔබේ වගකිම විය යුත්තේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුව තමයි. ඡන්දෙ තියලා බලපල්ලා.
ඕක දන්නේ දැන්ද? රටේ වෙනදේ ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් පෙනෙයි සියලු අස්ථාවර භාවයන්ට හේතුව කොතනද කියලා. බුද්ධාගමේ ඕකට කියන්නේ හේතුඵලවාදය කියලා.
ඒ කියන්නේ රජයට වඩා එකබද්ධය බලගතු කියලද කියන්නේ...
ලැජ්ජයි නේද ඇමතිතුමා ආණ්ඩු බලය තියාගෙන ඔහොම කියන්න? එතකොට වර්ජනය කරන්නේ පොහොට්ටුවේ කට්ටිය විතරද? ඔබතුමා එජාපයේ කට්ටියට වර්ජනය කරන්න එපා කියන්න. එතකොට වැඩි ජනතා බලයක් තියෙන්නේ එජාපයට නම් වර්ජන නිකම්ම නවතියි නේද ඇමතිතුමා?
ඒක දැන් හැමදෙනාම දන්නවා. හැමදාමත් වගේ රටේ ප්‍රශ්නයක් ඇතිකරලා රට අගාදයකට දාන්නයි හදන්නේ. පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරනවා, එතකොටත් වැඩ අඩාල වෙනවා, මහජතාවට සේවයක් කරන්න දෙන්නේ නැහැ. අරමුණ රටේ බලය ඇල්ලීම, නඩු වලින් බේරෙන්න. ඒකයි ඇත්ත. එක දැන් පැහැදිලියි.
වර්ජනය කරන අය කියන්නේ මේ ආණ්ඩුවේ කෙරුවාව නෙවෙයිද?
අර දුම්රිය වර්ජනයේ ඉල්ලීම් වලට ජනාධිපති එකඟ වුනා කියන්නේ. ඒක පිටිපස්සේ ඒකාබද්දේ හිටියා නම් ඉල්ලීම් නොදී ඉන්න තිබුනනේ
පොහොට්ටුව කියන්නේ කල්ලියක් විතරයි. ඒ අය පත් වෙලා ඉන්නේ සංධානයෙන්. සංධානය ජාතික ආණ්ඩුවේ ඉන්නේ. ඒක නිසා මේක ආණ්ඩුවෙම වැඩක් කියලා වගේ ඇමතිතුමා කියන්නේ.
ඔව් ඔව් කොහෙවත් ඉන්න ඒකාබද්දේ අයට බනිනවා. හොදයි කියන්නකො බලන්න මේ අවුරුදු කීපයට රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කල එක වැඩක්?
පාර්ලිමේන්තුවේ විපක්ෂය මේවට සම්බන්ද නැද්ද
සිත නිවන කතා
බලය අතට ගන්න කලින් කොහොමද කිව්වේ. මෙයාලට වැඩිය වැඩකාරයෝ නැහැ. ඒත් නටන්න ගියාම පේනවා මෙයාලගේ වැඩ ගැන. දැන් කියනවා වර්ජන සියල්ල මෙහෙයවන්නේ ඒකාබද්ධේ කියලා.
ඔව් ඉතින් ඔහෙලට මලබද්ධය ආවත් ඕකනේ කියන්නේ.
මහින්ද රාජපක්ෂ රජය පලවා හැර යහපාලන රජය පත්කර ගැනීමෙන් පසු ගෙවුණු වසර තුන, පරාජිත රජයට සාපේක්ෂව හොඳ දැයි විමසීම විහිළුවකි. ඔවුන් කළ කී දේ නැවත නැවත සිහිපත් කිරීම වෛරී පක්ෂ දේශපාලනයේ රෝගී සුසුම්ලෑමකි. සෑම අංශයකින්ම පිරිහී ඇති රටක අවශ්‍යතා හඳුනාගෙන ඒවා ප්‍රමුඛත්වය දිය යුතු දේ එකින් එක නිවැරදි කිරීම හැරෙන්නට පසුගිය රජයට බැන වැදීමෙන් පලක් නැත. පරිසර හිතකාමී, සමානත්වය ගරු කරන, පුද්ගල අනන්‍යතාවය ගැන හැඟීමක් තිබෙන, පොදු දේ ගැන සංවේදී, පොදු යහපත පතන පාලනයකට මාරුවිය යුතුය. අපිව භය කරන, අපිට තර්ජනය කරන, පැසිස්ට් නායකයෙක් අවශ්‍යයි අනුශාසනා මතුවන්නේ යහපාලනය තවමත් ජනතාවගේ පැත්තේ නොවන නිසාය. බත් නැති ගෙට සුන්සහලත් බතක් සේ තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත සහ අනෙකුත් පනත් අපි කැමැත්තෙන් පිළිගනිමු...