
(ඩයනා උදයංගනී)
ඉදිරියේදී රට තුළ ඇතිවන විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාර දෙකක් 2023 වසර වන විට ඉදිකරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එල්.එන්.ජී. බලාගාර සම්බන්ධයෙන් 2007 වසරේ සිට කතා කළ නමුත් වසර 13ක් යනතුරු එක් බලාගාරයක් හෝ ඉදිකිරීමට නොහැකි වී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
පසුගිය රජය පැවති 2015 - 2019 දක්වා වසර 05 ක කාලයේදී ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එක්කර ඇත්තේ මෙගාවොට් 300 ක් පමණක් බව කී ඇමතිවරයා වසරකට විදුලි ඉල්ලුම සියයට 6 කින් වර්ධනය වන බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිරීක්ෂණයකට පසුගියදා එක්වූ අවස්ථාවේදී පැවති සේවක හමුවක් අමතමිනි.
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුධයට මුහුණදීම සඳහා ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් 2030 වසර වනවිට මෙරට විදුලි බල පද්ධතියට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70 දක්වා වර්ධනය කළයුතු බවද ඇමතිවරයා කීවේය.
එමෙන්ම මේ වනවිට සියයට 32ක් වන ඩීසල් විදුලි දායකත්වය සියයට 5 දක්වා අඩු කළ යුතු බව කී ඇමතිවරයා ලංකා විදුලි පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ‘ලෙකෝ’ අයතනය රජයේ අරමුණු වෙත ළඟාවීමට ශක්තියක් වේ යැයි තමන් බලාපොරොත්තු වන බව ද පැවසීය.
මේ වනවිට පුනර්ජනනීය විදුලියෙන් මෙරට විදුලිබල පද්ධතියට ලබාගන්නා දායකත්වය මෙගාවොට් 900 ක් පමණක් බව කී ඇමතිවරයා 2023 වනවිට එම ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරගැනීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි වැඩේ කරන කෙනා කට මැත දොඩ දොඩා ඉන්නේ නැහැ...
අපේ කට්ටිය හැමදාම වගේ බයිලා කියනවා. අන්තිමට පුද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් කියලා විදුලිය ගන්නවා. බංග්ලාදේශයේ තමන්ගේම න්‍යෂ්ටික බලාගාරයක් හදන්න පටන් අරන් දැන්. හරියට සැලැස්මකට වඩා කරනවා නම් එහෙමයි.
කරපු දෙයක් නම් නෑ. ඇමතිකම් මාරුවෙන ගානෙ කතා කියනවා විතරයි.
කැබිනට් මණ්ඩලයේම බහුතරය 70 පැනලා රටේ පත්වුණු වැඩිහිටිම කැබිනෙට්ටුව වෙලා..
කරුණාකර ස්වභාවික වායු හෝ ගල් අඟුරු බලාගාරකයක් හැකි ඉක්මණින් ඉදි කරන්න. ඩීසල් විදුලිය නිසා රටට දිනකට අහිමි වන විනිමය කෝටි ගණනක්. බැටරි තාක්ෂණය දියුණු වෙනකන් කිසිම රටකට සූර්ය බලය මත යැපෙන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නං ඒ මනුස්සයාට රෑට විදුලිය නැතුව ඉන්න කියන්න වෙනවා.
කරන්න ඉස්සෙල්ලා කියවන්න එපා. ඒකනේ හරක් මරන එක නවත්වනවා කියලා අතරමගදී අනාගත්තා.
ඩලස් කියන්නේ කතාව පමණක් ඇති ක්‍රියාව නැති කෙනෙක් බව නම් අප දන්නවා.