IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ගැන සිවිල් සමාජයෙන් දොස්මුරයක්

(බිඟුන් මේනක ගමගේ )
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත්කර ඇති සාමාජිකයන් තිදෙනා තෝරාගැනීමේදී අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා භාවිත කළ නිර්ණායක සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුවන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානය පවසයි.
 
නීතිඥ ජාවෙඞ් යුසුෆ්, ආචාර්ය ජයන්ත ධනපාල හා නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් සමාජයේ යම් ගෞරවාදරයක් දිනාගෙන සිටින පුද්ගලයන් වුවත් මහජන අයිතිවාසිකම් රැකගැනීම සඳහා බරපතල මැදිහත්වීම් කළ පුද්ගලයන්දැයි ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ යැයි එම සංවිධානයේ කැඳවුම්කරු මංජුල ගජනායක මහතා කීය.
 
ව්‍යවස්ථා සභාවේ වසර දෙකක කාලය අවසන්වීමෙන් පසුව තම සංවිධානය ඇතුලු මාර්තු 12 ව්‍යාපාරය කතානායකවරයා මුණගැසී සිවිල් සමාජ නියෝජිතයන් තෝරාගැනීම විවෘතභාවයකින් කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ අනුව පුවත්පත් දැන්වීම් මගින් අයැදුම්පත් කැඳවා බඳවාගැනීම් පාරදෘශ්‍යභාවයකින් යුතුව කරන්නට කටයුතු කිරීම අගය කරන්නේ යැයි ද ගජනායක මහතා කීය.
 
එහෙත් සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත්කරගැනීමේදී ඔවුන් මහජන අයිතිවාසිකම් විෂයෙහි කළ මැදිහත්වීම් බරපතලව සලකා නැති බවක් පෙනීයන්නේ යැයි ද ඒ මහතා පැවසීය.
 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදාගැනීම හා ලබැඳියා අතර ගැටුමකින් තොර රාජ්‍ය පාලනයක් බිහිකිරීම ව්‍යවස්ථා සභාවේ මූලික අරමුණක් වුවත්  පුද්ගලයන් කොමිෂන් සභාවලට පත්කළ ද එයින් පසුව ඒවා සම්බන්ධයෙන් සුපරීක්ෂණයක් පසුගිය ව්‍යවස්ථා සභාවෙන් දකින්නට නොලැබුණේ යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 
 
 
 



අදහස් (1)

ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ගැන සිවිල් සමාජයෙන් දොස්මුරයක්

දිමුත් Tuesday, 16 October 2018 04:47 AM

පත්කිරීම්වලදී මහජන අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වීම් කලාද කියලා බලන්න කියලා නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site