ප්‍රසාද් මුතුකුඩ
දිවයිනේ අභ්‍යන්තර ගුවන් ගමන් ව්‍යාපාර සඳහා රජය විසින් පහසුකම් සපයාදීම ආරම්භ කර ඇති හෙයින් එය රටේ ආර්ථිකය දිරිගන්වන වැඩපිළිවෙලක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (27) වැලිසරදී පැවසීය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මේ බව පැවසූවේ IWS පෞද්ගලික ගුවන් සේවා සමාගමට අයත් වැලිසර පිහිටි හෙලිකොප්ටර් යානා අංගනයේ පැවති ආරම්භක උත්සවයකට සහභාගී වු අවස්ථාවේදීය.
එහිදි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීය.
“මෙරටට පැමිණෙන විදේශ ආයෝජකයින්ට මෙන්ම මහා පරිමාණ දේශීය ව්‍යාපාරිකයින්ට ද එමෙන්ම සංචාරයින් සඳහා ද මෙවැනි ගුවන් සේවා අද අත්‍යවශ්‍යවී තිබෙනවා. අපි මින් පෙර ගුවන් හමුදාව විසින් මෙවැනි සේවා කළත් එය සාර්ථක තත්වයකට ඒමට නොහැකි වු බැවින් මෙලෙස අපි කල්පනා කලා ව්‍යාපෘතියන් ආරම්භ කිරීමට මෙම ගුවන් සේවා සමාගම හී සභාපති අයි ඩබ්ලිව් සේනානායක මහතා විශාල ප්‍රාග්ධනයක් යොදවා අප රටට ශක්තියක් වී තිබෙනවා . මෙයින් රැකියා අවස්ථා විශාල ලෙස උත්පාදනය වනවා. අප රජයක් ලෙස සෑම විටම උත්සහකරන්නේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරිමට ගැටළු, ප්‍රශ්න නැතුවා නොවේ.
මෙම කටයුතු ඉදිරියට ගෙනයාමට රටේ ස්ථාන කීපයක ගුවන්තොටුපළවල් ආරම්භ විය යුතු වෙනවා. මඩකළපුවේ අළුතින් ගුවන්තොටුපළක් ඉදිවනවා මේ රටේ තරුණ තරුණියන් මැදපෙරදිග යැවීමට අවශ්‍ය නොවනවා ඉදිරියේ දී මෙයින් ඇතිවන රැකියා මැදපෙරදිග පහසුකම් ලෙසම මෙහි ආරම්භ වනවා.
විශේෂයෙන්ම අපේ උගත් තරුණ තරුනියන් අද හෙලිකොප්ටර් යනා නියමු පුහුනුව ලබා ගැනීමට ඇමෙරිකාව , ඕස්ට්‍රේලියාවට යනවා අපි කටයුතු කරනවා මෙහි එම පුහුණුව පහසු මිලකට ලබාදී වෘතීක නියමුවන් බිහිකිරිමට එමෙන්ම අද ලෝකයේ ගුවන් නියමුවන්ගේ විශාල හිඟයක් තියෙනවා.
අයිකාවෝ සංවිධානය ඉදිරි වසර කීපයට නියමු ඇබෑර්තු දෙලක්ෂයක් පමණ ඇති බව දන්වා තිබෙනවා. මේ නිසා විශාල විදේශ විනිමයක් ඉලක්ක කර ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් මෙම සමාගමට ස්තූතිවන්ත විය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාගමට ස්තුතියකුත් කරලා තියෙන්නේ එතුමාට එහෙම කරන්න හොඳ හේතුවක් ඇති. උඩින් යවන්න ඉස්සරවෙලා දුම්රිය සේවයට වෙලා තියන දේ ඇමැති විදිහට හොයලා බැලුවොත් හොඳයි නේද? වෙල්ගමගෙන් පස්සේ අලුතින් කෝච්චියක්වත් දාලා නැහැ. හැමදාම එකතුවන මගීන් පරණ කොච්චිවලම යන්න ඕනේ ඒවායේ ඉඩ නැහැ. අලුතින් කෝච්චිගන්න යනකොට ඒ ටෙන්ඩර් වැඩ වලට නම් පැනලා එන්නේ... අගමැති, ජනාධිපති සිහින විතරයි. ලඟදීම මගීන්ගේ කැරැල්ලක් ඇතිවෙයි. දුම්රිය නොකඩවාම ප්‍රමාදය නිසා... එහෙම ඇති වුනාම ඇවිත් මෝඩ කතාවක් කරනවට වඩා දැන්මම පියවරක් ගත්තොත් හොඳයි නේද? ඔබේ පින, අපේ පව තමයි.
පාර්ලිමේන්තු රැස්වීම් වල නිදා ගෙන ඉඳල එකපාර ඇහැරුණාම ඔහොම තමයි මුකුත් නොදැන ඔහේ කියෝනව. මහත්මයා අන්න තිබ්බ ගුවන් තොටුපලත් කලින් දවසක අන්තිම ගුවන් යානයත් නවත්තල දාල වැහෙන්න අත ඇරලා.
අදහස නම් හොඳයි. එහෙත් පසු ගෙවීමේ ක්‍රමයට දේශපාලකයින් මෙම පහසුකම් භාවිතා කලොත් සමාගම ඉක්මනින්ම වසා දමන්න වෙයි.
උඩින් යන්න ඉස්සෙල්ලා දුම්රිය හදලා හිටියොත් බොහොම පින්...
තවත් ඡන්ද ගුන්ඩුවක්.. නමුත් ඡන්දෙ දෙන්නේ කව්ද?