IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වියට්නාම් අගමැතිගෙන් සබඳතා ශක්තිමත් කිරීමේ යෝජනාවක්

අංජුල මහික වීරරත්න වියට්නාමයේ, හැනොයි නුවර සිට
 
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය සබඳතා පමණක් නොව, පාර්ලිමේන්තු දේශපාලන පක්‍ෂ හා ජනතාව අතර සබඳතාත් ශක්තිමත් කරලීම සඳහා පියවර ගත යුතු බව වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා හමුවේ පැවසීය. 


වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (11) පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන, ආගමික, සමාජයීය හා ව්‍යාපාරික අංශයන් අතර ද හුවමාරු වැඩසටහන් ආරම්භ කරලීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණි.

 
ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හෙයින් ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය ලබාදෙන ලෙස ද වියට්නාම් අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍ර‍මසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය.


දෙරට අතර බෞද්ධ නියෝජිත පිරිස් හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාමාණික විද්වතුන්ගෙන් යුතු ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය. ඉතා ඉක්මණින්ම මේ කමිටුව පිහිටුවිය යුතු බව වියට්නාම් අග්‍රාමාත්‍යරයාගේ ද අදහස විය.


වියට්නාම් ජාතිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බැවින්, දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ෂුන් ෆුක් මහතා කරුණු පැහැදිලි කළ අතර, ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව වික්‍රමසිංහ මහතා පැවසීය. 


සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා දෙරට අතර වීසා රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා ළඟදීම ඇරඹීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ වියට්නාම් සංචාරයක් සංවිධානය කිරීමට ද, ඉන්පසු ව්‍යාපාරික ක්ෂේත්‍ර‍යේ නිරන්තර හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.


ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ධීවර කර්මාන්තය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට එකඟ වූ දෙරටේ අග්‍රාමාත්‍යවරු, ආර්ථික සම්බන්ධීකරණ කාර්යයන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ඒකාබද්ධ කමිටුවේ කාර්යයන් කඩිනම් කිරීමේ හා පුළුල් කිරීමේ අවශ්‍යතාවය පිළිබදව ද අවධාරණය කළේය. 


කලාපීය සමාජයීය, ආර්ථික හා දේශපාලන ප්‍රවණතාවන් සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.


ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරු සහතික කළහ.



අදහස් (1)

වියට්නාම් අගමැතිගෙන් සබඳතා ශක්තිමත් කිරීමේ යෝජනාවක්

Raveendra Tuesday, 11 September 2018 10:23 AM

මං ඔයාට රහසක් කියන්නද මෙයා.....ඕනෑම රටක තියෙන ලොකුම බැංකුව හොරා කන්නේ මෙහෙමයි.... හැබැයි කාටවත් කියන්න එපා හොදේ.... ඔයාට විතරමයි කිව්වේ..

:       503       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site