IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ව්‍යාජ තොරතුරු වලින් රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරට අත්අඩංගුවට


( තිළිණි ද සිල්වා)
 
ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය  ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ වසරේදී  රුසියාවට ගිය ලාංකිකයින් පිරිසකි.

මෙම ලාංකිකයන් 27 දෙනා ගෙන් ඉන් 17 දෙනෙකු දැනටමත් තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව නැවත දිවයිනට යවා ඇති අතර තවත් පුද්ගලයන් දස දෙනෙකු   එරට රැඳවුම් මධ්‍යස්ථාන බාරයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එරට රැදවුම් බාරයේ සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, ඔවුන් විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ඇතැයිද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

මෙලෙස ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවත් , එවැනි හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

රැකියා අවස්ථා ලබා ගැනීමේ සහ තවදුරටත් යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් යුතුව, ශිෂ්‍ය හා සංචාරක වීසා මඟින් රුසියාව වෙත පැමිණෙන ලාංකිකයන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙන බව නිරීක්ෂණය වී ඇතැයිද තානාපති කාර්යාලය කියා සිටී.

සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියාවට පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර, දඬුවමකට ද යටත් වීමට සිදු වන බව ද තානාපති කාර්යාලය පෙන්වා දේ.

එම තත්ත්වය නොසලකා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතන කිහිපයක්, රුසියාවේ වෙසෙන  ලාංකිකයන් සහ තවත් සංවිධානය වූ කණ්ඩායම් මෙම නීතිවිරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇතැයි ද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
 
රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට පැමිණීමට නීතිවිරෝධී මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙසත් , එවැනි ව්‍යාජ ආයතන පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු නීති විරෝධී ආයතනයකට ගෙවීම් කිරීමෙන් වැළකී සිටින්නැයිද තානාපති කාර්යාලය  ඉල්ලා සිටී.



අදහස් (0)

ව්‍යාජ තොරතුරු වලින් රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site