ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්යෙන් මෙලෙස ප්‍රකාශ ලබා දීමට නියමිතය.
මේ සිදුවීම සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ශෂි වීරවංශ මහත්මියගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි. ඒ අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹා තිබේ.
(36698)

COMMENTS
මේ විමල් නහින්නෙම කට නිසා... ඉල්ලන් කනවා තවම. අපරාදේ මොවුන්ට වියදම් කරන සල්ලි... මහින්ද මහත්තයව විකුණන් කන දේශපාලන අනාථයෝ. මේ නිසා තමයි මහින්ද පීචන් වුණේ...
මහා මලකාරයා දැන්නේ එන්නේ...
මෙයා මොන කෙබරයක් අත ඇරියත් ඒවා "පරම සත්‍යය" හැටියට පිළිගෙන වැඩ කරන කට්ටියකුත් අපේ රටේ ඉන්නවා. එක්කෝ මෙයාගේ කටේ හයිය නැත්නම් ඒ මිනිස්සුන්ගේ තකතීරුකමයි.
එනවා යනවා මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරනවා. ඕවා තමයි මේ ආණ්ඩුව පත්වූදා ඉඳන් මේ පුරා අවුරුදු හතරම අපි දැක්කේ...
සල්ලි තියෙනවද දන්නැ නඩුවට වියදම් කරන්න