ප්‍රසාද් මුතුකුඩ
අධිකරණය හමුවේ නියමිත වෙලාවට පෙනි නොසිටි ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිකුත් කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය මන්ත්‍රීවරයා පැමිණි පසු එම වරේන්තුව යලි කැඳවීමට නියෝග කළාය.
නැතිවූ බව දන්වා තිබූ පැරණි විදේශ ගමන් බලපත්‍රයක් යලි භාවිතා කර විදේශ ගතවීමට උත්සහ කිරීම යන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීම නියමිතව තිබූ අතර මන්ත්‍රීවරයා ප්‍රමාධවී අධීකරණයට පැමිණියේය.
ඊට හේතුව අධිකරණයට පැහැදිලි කළ විත්ති පාර්ශ්වයේ නිතිඥයන් මෝසමක් ඉදිරිපත් කර මෙම නඩුව සඳහා නැවත දිනයක් ඉල්ලා සිටියදී ඒ පිළිබද කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය ලබන ඔක්තොම්බර් 23 දින යලි කැදවීමට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සේරම ඩීල්. නැති වූ යයි පැවසු විදේශ ගමන් බලපත්‍රයෙන් විදේශ ගතවීමට උත්සහ කල යයි සාක්ෂි තිබියදීත් දඩුවම් නොකර නඩු කල් දම දමා කාලය මරන්නේ ඇයි? මේ වැරැද්ද සාමාන්‍ය පුද්ගලයකු කරා නම් අද මෙලහටත් හිර ගෙදර. විමල් උප්පැන්න සහතික වෙනස් කල යයි තවත් නඩුවක සාක්ෂි තිබියදීත් එම නඩුවත් කල් දමමින් තිබේ. අධිකරණයේ මෙවැනි ක්‍රියා ගැන ජනතාව විමසිල්ලෙන් සිටී